චීන ජනාධිපතිවරයාගේ 2021 වසරේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය බොහෝ විදේශ මාධ්‍ය හා විද්වතුන්ගේ උණුසුම් අවධානයට ලක් වේ.
2020 වසරේ දෙසැම්බර් මස 31 වනදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය හා අන්තර්ජාලය ඔස්සේ 2021 වසරේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය පළ කළේය. එය දෙස් විදෙස් මාධ්‍යන්හී පොදු අවධානය හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ඉහළ ඇගයීමට ලක් විය.
ඉතාලියේ ජාතික පුවත්පතක් වන Il Giornale වෙබ් අඩවියේ එම අලුත් අවුරුදු සුභපැතුම් පණිවුඩව පිළිබඳ සමස්ත විඩියෝව පළ කරමින් පණිවුඩයේ අන්තර්ගතය පූර්ණව විස්තර කළේ ය.
චීන ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුභපැතුම් පණිවුඩය සම්බන්ධයෙන් ලතින් ඇමරිකානු El Peruano පුවත්පත වාර්තා කළේ පශ්චාත් වසංගත සමය තුළ ජගත් ප්‍රජාවට චීනය තවදුරටත් වැදගත් කාර්යභාරය ඉටු කරනු ඇති බවට බලාපොරොත්තු තැබිය හැකි බවයි. ඉදිරියේ දී චීනයේ මීළඟ පියවර කෙරෙහි ජගත් ප්‍රජාව දැඩි අවධානය යොමු කරනු ඇත.
ස්පාඤ්ඤයේ චීන ප්‍රතිපත්ති නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානී Xulio Rios මහතා පැවසුවේ වසංගතයට මුහුණදීමේදී චීනය සාර්ථක පරිපාලන හැකියාව දක්වා ඇති බවයි. දරිද්‍රතාවය පිටුදැකීම අතින් චීනය විශාල ජයග්‍රහණය ලබා ගෙන ඇත. එමෙන්ම චීන යුරෝපා ආයෝජන ගිවිසුම, බහුපාර්ශ්වවාදය රැක ගැනීමට නිවැරදි මාර්ගයක් පෙන්නුම් කර ඇත. ඉන් 2021 වසරේ චීන සංවර්ධනය පිළිබඳ පූර්ණ විශ්වාසය පවතින බව ඔහු කියා සිටියේය.
බල්ගේරියාවේ නැගෙනහිර ආසියානු ප්‍රශ්නය පිළිබඳ විශේෂඥ Nako Stefanov මහතා පැවසුවේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩයෙන් ඉදිරි සංවර්ධනය කෙරෙහි පූර්ණ විශ්වාසය පිළිබිඹු වන බවයි. එම විශ්වාසය චීනයට පමණක් නොව ලෝකයට ධනාත්මක බලපෑම් එල්ල කරන බවද ඔහු පෙන්වා දුන්නේය.