චීනයේ ටිබෙට් ස්වායත්තයේ Nyingchi 19වැනි පීච් මල් සංචාරක සංස්කෘතික උත්සවය පසුගිය දා ආරම්භ විය. Nyingchi කියන වචනය ටිබෙට් භාෂාවෙන් හඳුන්වන්නේ ‘ හිරුගේ සිංහාසනය ’ ලෙසටයි. මුහුදු මට්ටමේ සිට මීටර් 3100කට උඩින් පිහිටි Nyingchi නගරයේ සෑම වසන්ත ඍතුවක් ම උදා වීමත් සමග, පීච් මල් අලංකාරවත් පිපී ඇති දසුන් මෙලෙස දිස් වෙයි.