13වැනි චීන ජාතික මහජන කොංග්රසයේ 4වැනි සැසිවාරය අද (05) බෙයිජිංහිදී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු නායකයෝ සහ මහජන නියෝජිතයෝ 3000 දෙනෙක් පමණ ඊට එක් ව සිටිති.
2021 වසර චීනයේ 14වන පස්අවුරුදු සැලැස්ම ක්රියාත්මක කිරීමේ පළමු වසර වශයෙන් සැලකේ. ඉන් චීනයේ සමාජවාදී නවීකරණ ක්රියාදාමය පූර්ණ වශයෙන් ආරම්භ වනු ඇත.
චීනයේ රාජ්ය කාර්ය වාර්තාව, 14වන පස්අවුරුදු සැලැස්ම සහ 2035 වසරේ දිගුකාලීන ඉලක්ක පිළිබඳ කෙටුම්පත මෙවර සැසිවාරයේදී සාකච්ඡා හා පරීක්ෂණයට ලක් කෙරේ. චීනයේ ඉදිරි වර්ධන දිශාවන් හා මාර්ග නියම කිරීම ඉන් සිදු කෙරේ.