දකුණු චීනයේ An Hui පළාතේ Sui Xi කෝරළයේ Lin Huan උප නගරය තේ පානය කිරීමේ සංස්කෘතිය කැපී පෙනෙන පෞරාණික උප නගරයකි. එහි තේ පානය කිරීමේ සිරිත An Hui පළාතේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලයිස්තුවට 2017 වසරේ ඇතුළත් කෙරිණ. මෑත වසර වලදී, Lin Huan පෞරාණික උප නගරය තේ සංස්කෘතිය දැඩි ලෙස ප්‍රවර්ධනය කරමින් තේ ශාලා එහි විවිධ ස්ථානවල දක්නට ලැබේ. එම පෞරාණික උප නගරයේ දී තේ සංස්කෘතිය හා විවේකී කාලය විනෝදජනක ලෙස භුක්ති විඳීම එහි වැසියන්ගේ හා විවිධ සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වී ඇත.