කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවීන් චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛතාවන් බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි
2020-12-30 09:09:27
Share with:

කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවීන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛතාවය ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා සහ මධ්‍යම හමුදා කොමිෂන් සභාවේ සභාපතිවරයා ද වන ෂී ජින් පිං මහතා අඟහරුවාදා (29) අවසන් වූ දෙදින මධ්‍යම ග්‍රාමීය වැඩමුළුවේදී මේ බව පැවසීය.

කෘෂිකාර්මික අංශයේ කාර්යක්‍ෂමතාවය සහ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, ග්‍රාමීය ප්‍රදේශ ජීවත්වීමට හා වැඩ කිරීමට සුදුසු ප්‍රදේශ බවට පත් කිරීම සහ ගොවීන්ගේ ආදායම හා යහපැවැත්ම සහතික කිරීම ආදිය සඳහා උත්සාහ කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

චීනය සිය දෙවන ශත සංවත්සර ඉලක්කය කරා ගමන් කිරීමේ ඓතිහාසික අවස්ථාවේ දී, දරිද්‍රතාවය පිටුදැකීමේ ජයග‍්‍රහණ තහවුරු කිරීම හා පුළුල් කිරීම, සමස්තයක් වශයෙන් ග‍්‍රාමීය ශක්තිය ඉදිරියට ගෙනයාම සහ කෘෂිකාර්මික අංශය හා ග‍්‍රාමීය ප‍්‍රදේශ නවීකරණය වේගවත් කිරීම  අත්‍යවශ්‍ය වේ. මෙය සමස්ත පක්ෂයේම ඉහළ අවධානයට ලක් විය යුතු බව, ජනාධිපතිවරයා කියා සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන