Chang‘e -5 යානය සඳ මතට සාර්ථකව ගොඩ බැස්සවීම පිළිබඳව චීනයට ලෝකයේ විවිධ රටවලින් සුබ පැතුම්
2020-12-03 10:48:47
Share with:

චීනයේ Chang‘e -5 චන්ද්‍ර ගවේෂණ යානය සඳ මත සාර්ථකව ගොඩ බැස්සවීම පිළිබඳව ලෝකයේ විවිධ රටවල් සුබ පැතුම් පිරිනමයි.

පසුගිය පළමු වනදා චීනයේ Chang‘e -5 චන්ද්‍ර ගවේෂණ යානය සඳ මත සාර්ථකව ගොඩ බැස ස‍ඳෙහි ඡායරූප පෘථිවියට යොමු කර ඇත. මේ සම්බනයෙන්,එම මෙහෙයුමට අවධානය යොමු කරමින් සිටින විවිධ රටවල්වල අභ්‍යාවකාශ හා මාධ්‍ය ආයතන, උඩු ගුවන ගවේෂණ ක්ෂේත්‍රයේ චීනය ලැබූ වැදගත් ජයග්‍රහණ පිළිබඳව සුබපැතුම් පිරිනැමූහ.

රුසියානු ජාතික අභ්‍යවකාශ සංස්ථාවේ ජාත්‍යන්තර සහයෝගිතා කටයුතු ප්‍රධානී Vitaly Savelyev මහතා චීනයට සුබපැතුම් පණිවුඩයක් යොමු කර ඇත. Chang‘e -5 චන්ද්‍ර ගවේෂණ යානය සාර්ථකව සඳ මතට ගොඩ බැස්සවීම චීන අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඓතිහාසික සිද්ධියක් බව හෙතෙම ප්‍රකාශ කළේය. සඳ ගවේෂණය විවිධ රටවල‍ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රධාන සංවර්ධන දිශාවක් බවත්, රුසියාව හා චීනය මේ ක්ෂේත්‍රයේ සහෝගිතා සබඳතාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම එහිදී පවසා ඇත. 

සිය සොයා ගැනීමේ මධ්‍යස්ථානයේ අන්තර් ජාලය මගින් Chang‘e -5 චන්ද්‍ර ගවේෂණ යානයට අනුබල දෙමින් සිටින යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය සමාජ මාධ්‍ය හරහා චීනයට සුබ පැතුම් එක් කර ඇත.

ඊට අමතරව,ජපාන Jiji Press පුවත් ඒජන්සිය වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, Chang‘e -3,4,5 යන චන්ද්‍ර ගවේෂණ යානා සාර්ථකව සඳ මත ගොඩ බැස ඇති බවත්, දියුණු අභ්‍යවකාශ බලයක් සහිත රටක් බවට පත් වීමේ ඉලක්කයක් කරා චීනය සැබවින්ම ඉදිරියට ගමන් කරමින් සිටින  බවත් ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන