චීන ජනාධිපතිවරයා ජියාංසු පළාතේ නිරීක්ෂණ චාරිකාවක
2020-11-13 15:30:16
Share with:

පුඩොං දිස්ත්‍රික්කය සංවර්ධන කිරීමේ හා විවෘත කිරීමේ 30 වන සංවත්සර උත්සවයට සහභාගි වීමෙන් පසුව ,චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නිරීක්ෂණයක්  සඳහා ජියාංසු පළාත වෙත ගියේය. ඊයේ(12) පස්වරුවේ හෙතෙම නැන්ටොං නගරයේ වුෂන් දිස්ත්‍රික්කයේ ගංගා වෙරළ ප්‍රදේශයට පැමිණියේය.එහිදී යැංසි ගංගා වෙරළ තීරයේ පරිසරය යහපත් කිරීමේ හා යැංසි ගංගා ජලයේ ධීවර කටයුතු තහනම් කිරීමේ තත්වය හෙතෙම නිරීක්ෂණය කළේය.

යැංසි ගංගා ආර්ථික කලාපයේ සහ යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකාබද්ධ සංවර්ධනය  විමර්ශනය කිරීම හා එහි පරිසර පාලන තත්වය සොයා බැලීම කෙරෙහි මෙවර සංචාරයේදී විශේෂයෙන් ම අවධානය යොමු කරන බව ෂී ජින් පිං මහතා එහි වැසියන්ට පැවසීය. ප්‍රීතිමත් ජීවිතයක් යනු ඔබේම උත්සාහයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් හෙතෙම ඔවුන්ට යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන