අංගසම්පූර්ණ විවෘතභාවය සඳහා චීනය නව පියවර අනුගමනය කරන බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි
2020-11-05 11:27:05
Share with:

3 වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය චීනයේ ශංහයි නගරයේ පසුගිය දා ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ ඒ වෙනුවෙන් වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කළා. නව කොරොනා වසංගතයෙන් ලෝක ආර්ථිකයට බලපාන අස්ථිර මෙන්ම අපැහැදිලි සාධක වැඩි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නා. එහෙත් චීනය විවෘතභාවය පුළුල් කිරීමේ පියවර වේගවත් කරමින්, ලෝකයේ ඒ ඒ රටවල විවෘතභාවය වෙතත් සහයෝගිතාව වෙතත් ගමන් කිරීමේ ප්‍රවණතාව වෙනස් නොවන බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළා. විවෘතභාවය, සහයෝගිතාව, සමූහය සහ පොදු ජයග්‍රහණය යන විශ්වාසයන්හි එල්බ සිටින චීනය, අස්ථිර නොවන ලෙස විවෘතභාවය සම්පූර්ණයෙන් ම පුළුල් කරමින් ලෝක ආර්ථික පුනරුත්ථාපනය ඉදිරියට ගෙන යමින් ජගත් ප්‍රජාව වෙත ධනාත්මක ශක්තියක් ඇති කිරීමට දායක වනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළා.

අනපේක්ෂිතව මතු වූ නව කොරොනා වසංගතයෙන් ඒ ඒ රටවලට බරපතල ප්‍රහාර එල්ල වී ඇති අතර ලෝක ආර්ථිකයට ද එය බලපා තිබෙනවා. මෙවන් සුවි‍ශේෂ අවධියක, ‍තුන් වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය, චීනයේ විශාලතම ආර්ථික මධ්‍යස්ථානය මෙන්ම ප්‍රතිසංස්කරණ හා විවෘතභාවයේ ඉදිරි පෙලේ සිටින ශංහයි නගරයේ නියමිත කාලයේ දී ආරම්භ වුණා. 2018 වසරේ සිට, ආනයන වෙළඳ ප්‍රදර්ශනය, ජාත්‍යන්තර මිලදී ගැනීම්, ආයෝජන ප්‍රවර්ධන, සංස්කෘතික හුවමාරු සහ විවෘත සහයෝගිතාව යන සිව්වේදිකාව බවට පත් වී තිබෙනවා. වසංගත මැඩලීමේ සුරක්ෂිත ප්‍රමිතියෙන් යුතුව මෙවැනි ගෝලීය වෙළඳ ප්‍රදර්ශනයක් පැවැත්වීම, චීනය ලෝකය සමඟ ‍පොදුවේ අවස්ථාවන් ග්‍රහණය කරමින් ලෝක ආර්ථික පුනරුත්ථාපනය කරලීම සඳහා දායක වන අවංක බලාපොරොත්තුවක් බව චීන ජනාධිපතිවරයා පැවසුවා.

නිමාවට පත් වූ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ 5 වැනි පූර්ණ සැසිය, චීනයේ 14 වැනි පස් අවුරුදු සැළැස්ම සම්බන්ධයෙන් අංගසම්පූර්ණ සැලසුම් සකස් කර තිබෙනවා. චීනය, සුබ සෙත සමාජය බිහි කරමින් දරිද්‍රතාවෙන් මුදවා ගැනීමේ ඉලක්කය ඉටු කර ගැනීමට නියමිතව තිබෙනවා. ලබන වසරේ සිට, සමාජවාදී නවීකරණ රටක් ලෙසට සංවර්ධනය කිරීමේ ගමනාන්තය වෙත පිටත් වීමට චීනය සූදානම්. බිලියන 1.4ක ජනගහණයක් සහිත චීනය, එළඹෙන වසර දහය තුළ, ඇ. ඩො. ට්‍රිලියන 22ක වටිනාකමෙන් යුත් වෙළඳ නිෂ්පාදිතයන් ආනයනය කර ගැනීමට අපේක්ෂා කරනවා.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන