දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්
2020-10-14 09:45:27
Share with:

මෙම වසර ෂෙන්චෙන් විශේෂ ආර්ථික කලාපය පිහිටුවීමේ 40 වන සංවත්සරය සනිටුහන් කරයි. වසර 40 පෙර, ෂෙන්චෙන් නොදියුණු පිටිසරබද වාතාවරණයෙන් වැසී ගිය ධීවර ගම්මානයක් විය.දැනට ජාත්‍යන්තර නවෝත්පාදන නගරයක් වන එය චීනයේ වැදගත් ම ආර්ථික, මූල්‍ය සහ නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. පහත දැක්වෙන ඡායාරූපවලින් ගත වූ වසර 40 තුළ එහි සිදුවූ දැවැන්ත වෙනස්කම් පෙන්නම් කෙරේ.

දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්

1980 දශකයේ මුල් භාගයේදී, ෂෙන්චෙන් නගරයේ ෂෙකෝ කාර්මික කලාපය ඉදිවෙමින් තිබිණ.එය චීනයේ ප්‍රථම විදේශ විවෘත ආර්ථික සංවර්ධන කලාපය විය.

දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්

දැනට ෂෙකෝ නවීන හා ජාත්‍යන්තර වෙරළබඩ නව නගරයක් බවට පත්ව ඇත.

දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්

1990 දශකයේ තිබූ ෂෙන්චෙන් නගරය.

දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්

අද ෂෙන්චෙන් නගරයේ සීබීඩී දිස්ත්‍රික්කය.එහි මීටර් 599.1 ක් උස පිං ආන් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ෂෙන්චෙන් නගරයේ නව සංකේතයක් බවට පත්ව තිබේ.

දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්

1980 දශකයේ ෂැටූජියාඕ හි ෂොංයිං වීදිය ෂෙන්චෙන් නගරයේ සමෘද්ධිමත් ම ස්ථානය විය. එය එකල ෂෙන්චෙන් වැසියන්ගේ පැරණිතම “සාප්පු පාරාදීසය” විය.

දීප්තිමත් ෂෙන්චෙන් නගරය ඡායාරූප පෙළකින්

වර්තමාන ෂොංයිං වීදිය අතීත කඩමංඩිය නොවුණත්, එය බොහෝ සංචාරකයින් ඓතිහාසික මතකයන් සෙවීමට ආකර්ෂණය කරමින් සිටී.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන