චීනයේ Si Chuan පළාතේ පිහිටි ඓතිහාසික Jiuzhaigou නිම්නය, ලෝක ස්වභාවික සංරක්ෂණ උරුමයන් අතරට එක් වූ දර්ශනීය සංචාරක ස්ථානයකි. 2017 වසරේ අගෝස්තු මාසයේ Jiuzhaigou කෝරළයේ සිදු වූ භූමි කම්පාවෙන් එම ස්ථානයට බලපෑම් එල්ල වී ඇත. මේ වන විට, එහි පුනරුත්ථාපන කටයුතු මූලික වශයෙන් අවසන් වී ඇති අතර එය යළිත් සංචාරකයින් සඳහා විවෘත කර තිබේ.