කුණාටු තත්වයක් උදා වීම ඇතුළු සාධක හේතුවෙන් චීනයේ Hainan පළාතේ Haikou නගරයේ පසුගිය දිනවල අඛණ්ඩව වැසි පැවතිණ. කෘෂිකාර්මික නිෂ්පාදනයට ඉන් අහිතකර බලපෑම් එල්ල වී ඇත. එළවළු වෙළඳපොලේ සැපයුම සහතික කිරීම සඳහා වැසි නතර වූ අවස්ථාවන්හි දී ගොවීහු මෙලෙස තම එළවළු වගාවල කඩිසර ලෙස කටයුතු කළහ.