ලෝකයේ විශාලතම නත්තල් භාණ්ඩ නිෂ්පාදන මධ්‍යස්ථානයය වන චීනයේ යී වු නගරය
2019-12-24 09:06:19
Share with:

ලෝකයේ විශාලතම නත්තල් භාණ්ඩ නිෂ්පාදන මධ්‍යස්ථානයය වන චීනයේ යී වු නගරය

මේ වසර අවසාන වන විට, බටහිර රටවල නත්තල් අසිරිය වඩාත් ශක්තිමත් වෙමින් පවතින අතර චීනයේ ජ ජියං පලාතේ යී වු හි නත්තල් භාණ්ඩ වෙළඳපොලේ ද උණුසුමක් දක්නට ලැබුණා. විවිධ රටවල පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යී වු නගරය නිෂ්පාදනය කළ නත්තල් ගස්, නත්තල් තොප්පි මෙන්ම නත්තල් සපත්තු හා සෙල්ලම් බඩු යනාදිය, ලොව පුරා වෙළඳපොළ වෙත යවා තියෙනවා.

ලෝකයේ ප්‍රසිද්ධ කුඩා වෙළඳ භාණ්ඩ තොග වෙළඳපොල වන යී වු සමස්ත ලෝකයේ විශාලතම නත්තල් භාණ්ඩ නිෂ්පාදන මධ්‍යස්ථානයයි. නත්තල් භාණ්ඩ පිළිබඳ විශේෂ ව්‍යාපාර 500කට ආසන්න සංඛ්‍යාවක් යී වු හි රැස් ව සිටිනවා. ලෝකයේ නත්තල් භාණ්ඩ නිෂ්පාදනයෙන් සියයට 60ක් යී වු හි නිෂ්පාදනය කෙරෙනවා. යී වු හි අධි ගුණාත්මක හා ලාභදායී නත්තල් භාණ්ඩ ලොවට උත්සව ප්‍රීතිය ගෙන දෙන අතර චීන නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආකර්ශනීය බව එමගින් ලෝකයට ප්‍රදර්ශනය කෙරෙනවා.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසු චීනයේ නිෂ්පාදන කර්මාන්තය සීඝ්‍රයෙන් වර්ධනය වී තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය ක්‍රමයෙන් “ලෝක කර්මාන්ත ශාලාව” බවට පත් වී සිටිනවා. ඇඳුම්, සපත්තු සහ තොප්පි වැනි දෛනික අවශ්‍යතාවන්හි සිට ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි ඉහළ පෙළේ නිෂ්පාදන දක්වා, චීනයේ වෙළඳ භාණ්ඩ අලෙවිකරණය ලෝක වටිනාකම් දාමයේ සහ කාර්මික දාමයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව තිබෙනවා. චීනය වසර ගණනාවක් තිස්සේ ගෝලීය වෙළඳ බලවතෙකු ලෙස සිය තත්වය පවත්වා ගෙන යන අතර, විවිධ රටවල පාරිභෝගිකයින් චීන නිෂ්පාදන අඛණ්ඩව පරිභෝජනය කරමින් වඩා හොඳ ජීවන තත්ත්වයක් භුක්ති විඳිනවා.

වර්තමානයේ යී වු හි නත්තල් නිෂ්පාදන, යුරෝපය සහ ඇමරිකාව වැනි සාම්ප්‍රදායික වෙළඳපොල වල සිට විවිධාංගීකරණ වෙළඳපොල දක්වා ව්‍යාප්ත වෙමින් පවතිනවා. යී වු නගරය, ලතින් ඇමරිකාව, අප්‍රිකාව හා අග්නිදිග ආසියාව යනාදී නව වෙළඳපොල බවට පත්ව තියෙනවා. යි වු හි නත්තල් නිෂ්පාදිතයන්‍ අවදානම් වලට එරෙහි වීමේ හැකියාව තවදුරටත් වැඩිදියුණු කර ඇති තිබෙනවා.

චීනයේ සංවර්ධනය ලෝකයෙන් වෙන් කළ නොහැකි අතර ලෝකයට ද චීනය අවශ්‍ය වෙනවා. යී වු යනු ඒ සඳහා වන කුඩා නියැදියක්. එයින් චීනය ලෝකය සමඟ විවෘත සහයෝගීතාවයේ සහ පොදු සංවර්ධනයේ ආපසු හැරවිය නොහැකි ප්‍රවණතාව දැකිය හැකියි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන