ජියන්ග්සු පළාතේ ඓතිහාසික ජයග්‍රහණ
2019-09-18 14:43:45
Share with:

ගත වූ වසර 70 තුළ සමාජවාදී නවීකරණයෙන් ජියන්ග්සු පළාත ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව එම පළාතේ නිලධාරීහූ පසුගිය 23 වන දින බෙයිජිං නුවරදී ප්‍රකාශ කළහ. සෞභාග්‍යවත් සමාජයට අඩංගු මූලික දර්ශක දෙක නියමිත වේලාවට පෙර අත්කර ගෙන ඇති අතර නිරපේක්ෂ දරිද්‍රතාවය මූලික වශයෙන් තුරන් කර ඇත. නවීකරණය සාක්ෂාත් කර ගන්නේ කෙසේදැයි ගවේෂණය කිරීම එම පළාත විසින් ආරම්භ කර තිබේ.

ජියැන්ග්සු පළාත නැගෙනහිර චීනයේ වෙරළ තීරයේ පිහිටා ඇත. පසුගිය වසරේ එහි සමස්ත ආර්ථික වටිනාකම යුවාන් ට්‍රිලියන 9.26 ක් වූ අතර පදිංචිකරුවන්ගේ ඒක පුද්ගල ඉවත ආදායම යුවාන් 38 දහසක් විය. විදේශීය ප්‍රාග්ධනයේ සැබෑ භාවිතය සහ කාර්මික ලාභය චීනයේ පළමු ස්ථානයේ පසු විය. විශාලතම නිෂ්පාදන කර්මාන්ත පොකුර, සහ වැඩි ම ජාතික මට්ටමේ සංවර්ධන කලාප එහි පිහිටා තිබේ. ගත වූ වසර 70 තුළ රටේ සෙසු ස්ථාන මෙන්ම ජියැන්ග්සු පළාත ද ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය සහ සමාජවාදී නවීකරණයේ ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂයේ ජියන්ග්සු පළාත් කමිටුවේ ලේකම් ලව් චින්ජියැන් මහතා පැවසීය. දැනට ආර්ථික සමස්ත පරිමාණය අඛණ්ඩ හා ස්ථාවර ලෙස වර්ධනය කරමින් පවතින අතරම එහි ගුණාත්මක ව්‍යුහය කඩිනමින් වැඩිදියුණු කරනු ඇති බවට ලව් චින්ජියැන් මහතා සිය අපේක්ෂා පළ කළේය.

“එක් තීරයක් එක් මාවතක්” හි මධ්‍යස්ථානයක් වශයෙන් එම සංවර්ධනයට එක් වීම ජියැන්ග්සු පළාත ඉතා වැදගත් කොට සලකයි. මේ වන විට“එක් තීරයක් එක් මාවතක්” සංවර්ධනයට සම්බන්ධ ප්‍රධාන ව්‍යාපෘති 80 කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත වී තිබේ.එම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන මුදල් යුවාන් බිලියන 140 කට ළගා වී ඇතැයි ඔහු විස්තර කළේය.

ජියන්ග්සු පළාතාධිකාරී වු චෙන්ග්ලුං මහතා සඳහන් කළ පරිදි, ඇමරිකාව ඒකපාර්ශ්විකව චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ ගැටළුව ඇති කළ බැවින්, දෙරට අතර ආර්ථික හා වෙළඳ සබඳතාවටත් ලෝක ආර්ථික වර්ධනයටත් අහිතකර බලපෑම් ඉන් එල්ල කොට ඇත. එබැවින් ජියැන්ග්සු පළාත ද ඇතැම් සංවර්ධන දුෂ්කරතා හා අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. එහෙත් මෙම වසරේ මුල් භාගයේ එහි ආර්ථික ක්‍රියාකාරිත්වය සමස්ත වශයෙන් ස්ථාවර වූ අතර අධි ගුණාත්මක සංවර්ධනය නව ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. අනාගත සංවර්ධනය සඳහා පළාතේ සියළුම ආයතනවල, විශේෂයෙන් ව්‍යවසායන්හි විශ්වාසය හා අධිෂ්ඨානය වැඩිදුරටත් ශක්තිමත් වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන