සෞභාග්‍යය කරා ගමන් කරන හනාන් පළාත
2019-09-18 14:49:40
Share with:

හනාන් පළාත මධ්‍යම චීනයේ පිහිටා ඇති විශාල කෘෂිකාර්මික පළාතකි. මෑත වසරවලදී, කෘෂිකාර්මික ශක්තිය, ග්‍රාමීය සුන්දරත්වය සහ ගොවි ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා හනාන් පළාත අඛණ්ඩව නව ප්‍රගති ලබා ගෙන ඇත. “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයට ක්‍රියාකාරීව එක් වීමෙන් එය විවෘත පෙරමුණට ගමන් කර ඇත.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70 ක් තුළ, හනාන් පළාතේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම 1949 වසරේ පැවති යුවාන් බිලියන 2.1 සිට 2018 වසරේ යුවාන් ට්‍රිලියන 4.8 දක්වා ඉහළ ගොස් තිබේ. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් 50 සිට යුවාන් 50 දහසක් දක්වා ඉහළ ගොස් තිබේ. නාගරීකරණ අනුපාතය සියයට 6.3ක සිට සියයට 51.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර හා ඇඳුම් හිඟතාවේ සිට පුළුල් සුවයක් කරා යන ඓතිහාසික පරිවර්තනයක් මතු වී තිබේ.

හනාන් හි වැසියන් මිලියන 50 ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ හනාන් පළාත් කමිටුවේ ලේකම් වාං ගොෂෙං මහතා හෙළි කළේය. ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තයේ සැපයුම ගැඹුරු කිරීමේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ඒකාබද්ධ කරමින්, කෘෂිකාර්මික ශක්තිය, ග්‍රාමීය සුන්දරත්වය සහ ගොවි ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව නව ප්‍රගති අත්කර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය .

කෘෂිකර්මාන්තයේ සැපයුම් අංශයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම, කාර්මික දාමය අඛණ්ඩව ව්‍යාප්ත කිරීම, වටිනාකම් දාමය වැඩිදියුණු කිරීම සහ සැපයුම් දාමයක් ගොඩනැගීම සඳහා හනාන් පළාත අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව වාං ගොෂෙං මහතා පැවසීය. දැනට කෘෂිකර්ම නිෂ්පාදිත සැකසුම් කර්මාන්තය එහි කර්මාන්තයේ පළමු කුළුණු කර්මාන්තය බවට පත්ව ඇත. වාර්ෂික ප්‍රධාන ව්‍යාපාර ආදායම යුවාන් මිලියන 20ක් සහ ඊට වැඩි ප්‍රමාණයක් ඇති කාර්මික ව්‍යවසායන් 8,000 ක් පමණ එහි තිබේ. බහුතර කෘෂිකර්ම ව්‍යවසායන් “එක් තීරයක් එක් මාවතක්” හා සම්බන්ධ රටවල් හා ප්‍රදේශවල රැඳී පවතී.

චීනයේ විශාල කාර්මික පළාතක් වශයෙන් හනාන් පළාතේ කාර්මික පරිමාණය චීනයේ පස්වන ස්ථානයේ පසු වෙයි. කාර්මික දාම ගොඩනැගීම සහ නිර්මාණශීලි දාම ගොඩනැගීම ඒකාබද්ධ කිරීමෙන් එහි සංවර්ධන වේගය කැපී පෙනෙන ලෙස වැඩි වෙමින් පවතී. ශ්‍රමය හා ආහාර අපනයනය කිරීමේ සිට හනාන් හී නිෂ්පාදනයට සහ හනාන් නිර්මාණශීලිත්වයට දායක වීම දක්වා එම පළාත පරිවර්තනය වෙමින් සිටී.එමෙන් ම එය අභ්‍යන්තර චීනයේ විවෘත පුරෝගාමියෙකු බවට ද පත් වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන