ටි‍බෙට් ස්වායත්ත දරුවන්ගේ අනාගතය විවර කරන අධ්‍යාපනය
2019-09-18 14:52:43
Share with:

චීනයේ ටිබෙට් ස්වායත්ත භූමියේ නොසිටින්නේ නම්, එහි සිටින දරුවන්ගේ ප්‍රීතිමත් ජීවිතය ඔබට පෞද්ගලිකව දැනෙන්නේ නැත.එම දරුවන් සමඟ එකතු වූ විට, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කිරීම සඳහා සියලු ආකාරවල ආදරය එක්රැස් වෙයි.

චීන ජාතික ගීතයේ රිද්මයත් සමඟම ලාසා නගරයේ පිහිටි බෙයිජිං පර්යේෂණාත්මක උසස් පාසලට ඉහළින් දීප්තිමත් තරු පහේ රතු ධජය ලෙල දෙමින් ඇත. පාසලේ ටිබෙට් ගුරුවරුන් සහ සිසුන් 2,400 ක් පමණ ධාවන පථ සහිත පුළුල් ක්‍රීඩා පිටියේදී පිළිවෙලට පෙලගැසී චීන ජාතික ධජයට ගෞරවය දක්වයි.

ලාසාහි බෙයිජිං පර්යේෂණාත්මක උසස් පාසල බෙයිජිං නාගරික රජය විසින් අරමුදල් සපයන ලද සම්පූර්ණ නේවාසික මධ්‍යම පාසලකි.එය ඉදි කිරීම සඳහා බෙයිජිං රජය යුවාන් කෝටි 25 ක් ආයෝජන කර තිබේ. අක්කර 207 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා වසා ගන්නා මෙම පාසලට හිමි දියුණු පහසුකම් බෙයිජිං නගරයේ ආදර්ශ උසස් පාසල් ප්‍රමිතීන්ට ළඟා වී තිබේ. එය ස්ථාපිත වී වසර 5ක් ගත වීමෙන් පසු අඛණ්ඩව වැඩිදියුණු කිරීමත් සමගම එය ලාසා නගරයේ ඉතා විශේෂි සුන්දර භූ දර්ශනයක් බවට පත්ව ඇත.

පාසලේ ආකර්ශනීය පහසුකම් වලට අමතරව, එහි ටිබෙට් ජාතික දරුවන්ගේ සතුට ලැබෙන්නේ ඔවුන්ට ආදරය කරන සහ රැකබලා ගන්නා ගුරුවරුන්ගෙනි. නිමා පැන්ඩෝ මහත්මිය ටිබෙට් ගුරුවරියක් වන අතර ටිබෙට් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඇය ගුරුවරියක් ලෙස වසර 15 ක් පුරා සේවය කර තිබේ. ටිබෙට් ස්වායත්තයේ සහාය ගුරුවරයෙකු වශයෙන් බෙයිජිං පුරවැසියෙක් වන ලියාං ෂින් මහතා අගනුවර ජනතාවගේ උද්යෝගය හා සැලකිලි දරුවන්ට ගෙන එයි.

ගුරුවරුන්ගේ ආදරය ඔවුන්ගේ හදවත් පෝෂණය කරන හා උණුසුම් කරන කුඩා ප්‍රේමයක් කියා කියනවා නම්,චීන ර‍ජයේ ටිබෙට් අධ්‍යාපනය සඳහා විශේෂ “සහතික තුනක්”පිළිබඳ හිතවාදී ප්‍රතිපත්තිය විශාල ප්‍රේමයකි. මෙම ප්‍රතිපත්තිය 1985 දී ක්‍රියාත්මක කිරීමෙන් පසු පෙර පාසලේ සිට උසස් පාසල් අධ්‍යාපනය දක්වා යන අදියර එහි සියලුම ගොවීන්ගේ හා එඩෙරුන්ගේ දරුවන් සහ නගරවල දුෂ්කර පවුලේ දරුවන්ට ආවරණය වී තිබේ.ඉන් ප්‍රතිලාභ ලැබෙන ළමුන් සංඛ්‍යාව 605,900 ක් පමණ වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන