දිළිඳු බව පිටු දකින "වෙන්චෙන්ග් කුමරිය"
2019-09-18 15:01:58
Share with:

"ලෝකයේ දුරස්ථ ස්ථානයක් නැහැ.ලෝකය උපන් ගමයි." ලාසා නගරයට පැමිණ ඇති අය මෙම පද දෙකට ඉතා හුරුපුරුදුයි. මෙම සුන්දර හා තරමක් දුක්බර රිද්මය මනසේ දෝංකාර දෙන අතර දිගු කලක් එය අමතක වන්නේ නැහැ.

"වෙන්චෙන්ග් කුමරිය" නමැති සම්භාව්‍ය නාට්‍යයට වෙන්චෙන්ග් කුමරිය ටිබෙටයට ඇතුළු වීමේ කතාන්දරය තේමා ගැන්වී තිබෙනව.එය පුරාණ චීනයේ ටාං රජපෙළපතේ නර්තන කලාව සහ ටිබෙටයේ දීර්ග-කාලීන ඔපෙරා හා නර්තන කලාව සංකීර්ණ ලෙස භාවිත කරමින්,කෘත්‍රිම වේදිකාව සහ ස්වාභාවික කඳු හා ගංගා දර්ශනය අති සියුම් ලෙස සම්මිශ්‍ර කරමින් නිර්මාණය කර තිබෙනව.අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් දහස් ගණනක් නවීකරණ තාක්ෂණ හරහා ඉන් ඉදිරිපත් කෙරෙනවා.

දිළිඳු බව පිටු දකින "වෙන්චෙන්ග් කුමරිය"

චීනයේ චෙන් ඩූ නගරයේ සංස්කෘතික සංචාරක සමාගමක් සහ ලාසා නගරයේ පොටාලා සංචාරක සංස්කෘතික සමාගම විසින් ඒකාබද්ධ ව මෙම සුප්‍රකට නාට්‍යය නිෂ්පාදනය කළා. නාට්‍යයක් වශයෙන් වෙන්චෙන්ග් කුමරිය පසුගිය වසර හත තුළ ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික සංචාරක කර්මාන්තයේ දරිද්‍රතාවය පිටුදැකීමේ ආදර්ශයක් බවට පත්ව තිබෙනව. කාර්මික සංවර්ධනය මගින් කලාපීය ගොවීන්ට හා එඩේරුන්ට දරිද්‍රතාවයෙන් මිදීමට එය ඉවහල් වුණා.මෙම නාට්‍යයට නළු-නිළියන් 800 කට වැඩි සංඛ්‍යාවක් එක් වන අතර ඔවුන්ගෙන් සියයට 95ක් එහි ටිබෙට් ජාතිකයන්.

"වෙන්චෙන්ග් කුමරිය" නාට්‍යය 2013 අගෝස්තු මාසයේ ලාසා නගරයේ ගම්මානයක සංස්කෘතික හා සංචාරක නිර්මාණාත්මක උද්‍යානයේ ආරම්භ කළ දා සිට, එහි වැසියන් තමන්ගේ දියුණුව සාක්ෂාත් කර ගත්තා පමණක් නොව, මුළු ගම ම දිළිඳු බවෙන් පලවා හැරුණා.

දිළිඳු බව පිටු දකින "වෙන්චෙන්ග් කුමරිය"

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු, ඉදිකිරීම් සඳහා සහභාගී වීම, සංදර්ශනයට එක් වීම සහ වේදිකාවට අවශ්‍ය දේ සැපයීම යනාදිය හේතුවෙන්, රැකියා අවස්ථා 4,000 ක් පමණ ඍජුව හා වක්‍රව නිර්මාණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය දරිද්‍රතාවය පිටුදැකීමේ කර්මාන්තයක් බවට පත් කිරීමට හේතුවක් වනුයේ එයට හිමි බලපෑම් ශක්තියෙන් වෙන් කළ නොහැකි වීම බව "වෙන්චෙන්ග් කුමරිය" නාට්‍යය නිෂ්පාදනය කරන චෙන් ඩූ නගරයේ සංස්කෘතික සංචාරක සමාගමේ නිලධාරියෙක් පෙන්වා දුන්නා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන