තන්කා සිතුවම් කලාව
2019-09-12 16:32:06
Share with:

තන්කා කියන්නේ චීනයේ ටිබෙට් ජාතීන්ගේ ජාතික සාම්ප්‍රදායික සිතුවම් කලාවක්. චීන ජාතික සංස්කෘතිය තුළ සුවිශේෂ කලා වර්ගයක් වශයෙන් තන්කා කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවට දීර්ඝ ඉතිහාසයක් මෙන්ම ප්‍රාදේශීය ලක්ෂණ ද තිබෙනවා. සාම්ප්‍රදායික තන්කා සිතුවම් කිරීම ඉතා සංකීර්ණයි. ස්වභාවික ඛනිජ ද්‍රව්‍ය හා ශාඛ වලින් හදපු වර්ණකයන් යොදා ගන්නා නිසා තන්කා සිතුවම් වර්ණ අලංකාර වන අතර දිගු කාලීනව විවර්ණ වන්නේ නැහැ. 2006 වසරේ එය යුනේස්කෝ සංවිධානය විසින් ලෝක ද්‍රව්‍යාත්මක නොවන උරුම පිළිබඳ ලැයිස්තුවට ඇතුළත් කළා.

පැරණි කාලයේ තන්කා කලාව උරුම වුයේ පරම්පරාවෙන් පරම්පරාවටයි. ඒ කියන්නේ තන්කා කලාව නිර්මාණයේ නියැළි සිටින පවුලක පියාගෙන් පුතාට ශිල්පය උරුම වීමයි. වෙනත් අයට එම කලාව ඉගෙන ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ. පසුගිය සියවසේ අවසන් කාලයේ සිට උසස් අධ්‍යාපන ආයතන තන්කා සාම්ප්‍රදායික අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කළා. එයින් තන්කා කලා ශිල්පින් පුහුණු කිරීමේ නව රාමුවක් බිහි කෙරුණා.

2014 වසරේ ලාසා නගරයේ ද්විතීක වෘත්තීය විද්‍යාලය තන්කා පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම විද්‍යාලයට ඇතුළත් වීවිද්‍යාලය හා ව්‍යවසායන් සහයෝගතා පැවැත්වීම මගින් අධ්‍යාපනය හා කර්මාන්තය ගැඹුරු ලෙස එකතු වී නව අධ්‍යාපන සංකල්ප එම මධ්‍යස්ථානය අනුගමනය කරනවා. සාම්ප්‍රදායික තන්කා කලා විද්‍යාලය විවිධ අධ්‍යාපන ප්‍රමිති හා පාඨමාලා සකස් කළා. 2014 වසරේ සිට මේ දක්වා ඉන් සිසුන් කණ්ඩායම් තුනක් උපාධි ලබා ගෙන තිබෙන අතර එහි රැකියා නියුක්ති අනුපාතය සියයට 70ක්. දැනට එම මධ්‍යස්ථානයේ ගුරුවරු 10 දෙනෙක් සහ සිසු සිසුවියන් 200 දෙනෙක් ඉන්නවා.ඔවුන් තන්කා කර්මාන්තයේ සංවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබා දී තිබෙනවා.

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව

තන්කා සිතුවම් කලාව


ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන