සේද මාවතට අනුබලයක්
2019-09-06 15:49:49
Share with:

නින් ස්යා හුයි ජාතික ස්වායත්තය චීනයේ ජාතික ස්වයං පාලන කලාප පහෙන් එකක්. එහි සමස්ත ජනගහණය මිලියන 68.8ක්. හුයි, මැන්, මොන්ගෝලියා, හන් ඇතුළු ජාතීන් 48ක් එහි ජීවත් වෙනවා. ඒ අතරින් හුයි ජාතිකයන් සමස්ත ජනගහණයෙන් සියයට 36.5ක්. නින් ස්යා කලාපය සුන්දර පරිසරයකට හිමිකම් කියනවා පමණක් නොව ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ ඓතිහාසික ප්‍රගතීන් ද අත්කර ගෙන තිබෙනවා. මෑත වසර කිහිපයේදී, නින් ස්යා එක් තීරයක් එක් මාවතක් සංවර්ධනයට සක්‍රීය ලෙස එකතු වෙමින් අංග සම්පූර්ණ මෙන්ම බහු විධ විශ්ව විවෘත ව්‍යුහයක් බිහි කර තිබෙනවා.

පසුගිය වසරේ නින් ස්යා හුයි ජාතික ස්වායත්තයේ සමස්ත ආර්ථික ධාරිතාව චීන යුවාන් බිලියන 370 ඉක්මවා ගොස් තිබෙනවා. එය නව චීනය ස්ථාපිත වූ 1949 වසර හා සැසඳීමේදී 3200 ගුණයක වැඩි වීමක්.

නින් ස්යා හුයි ජාතික ස්වායත්තය ජාතික කලාප ස්වයං පාලනය යන ක්‍රමය හැමවිටම අනුගමනය කරමින්, එය ශක්තියක් ලෙස ගන්නවා. ඒ වෙනුවෙන් ජාතික කලාප ස්වයං පාලනයට ගැලපෙන නීතිමය පද්ධතිය නොකඩවාම පරිපූර්ණ කිරීමට දායක වෙනවා. සමගිය හා අන්‍යෝන්‍ය සහයෙන් යුතු සාධාරණ හා සුහද ජාතික සබඳතාව පවත්වා ගෙන යාම එහි ස්වයං පාලනයේ විශේෂත්වයක්. එහි වෙසෙන විවිධ ජාතීන් එකාවන්ව තම ප්‍රීතිමත් ජීවිතය සංවර්ධනය කිරිමට දායක වෙමින් ඉන්නවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නින් ස්යා හුයි ජාතික ස්වායත්තයේ කමිටු ලේකම්වරයා සඳහන් කළ පරිදි, මෑත වසර කිහිපය තුළ, නින් ස්යා කලාපය විදේශයන්ට විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් එක් තීරයක් එක් මාවතක් සංවර්ධනයට සක්‍රීය ලෙස එක්වෙමින් සිටිනවා. අද වන විට එම ස්වායත්තය, යුරෝපය, ඇමරිකාව, මැද පෙරදිග කලාපය, ඊසාන දිග ආසියාව ඇතුළු 130කට වැඩි රටවල් හා කලාප සමඟ ආර්ථික හා වෙළඳ හුවමාරු පවත්වා ගෙන යනවා. අංග සම්පූර්ණ මෙන්ම බහු මට්ටම් වලින් යුතුව පුළුල් ක්ෂේත්‍ර හා සම්බන්ධ පද්ධතියක් නින් ස්යා හි බිහි කරමින් පවතින බව සඳහන් කෙරෙනවා.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන