ලෝක කොන්ෆියුසියස්වාද පර්යේෂණ වේදිකාව ස්ථාපිත කෙරේ
2019-09-04 13:47:51
Share with:

කොන්ෆියුසියස් තුමා ගැන සඳහන් කරන විට බොහෝ ශ්‍රී ලාංකිකයන්ට යම්කියි අවබෝධයක් තිබෙනවා.එතුමා චීනයේ ශ්‍රේෂ්ඨත දාර්ශනිකයෙක්,සුවිශේෂී ගුරුවරයෙක් සහ චින්තකයෙක් ලෙස චීන ජනතාව සලකනවා.කොන්ෆියුසියස් මූලධර්ම මත චීන පොදු ජනයාගේ සාම්ප්‍රදායන් හා විශ්වාසයන් ගොඩ නැගී තිබෙනවා.ඒ විතරක් නෙවෙයි දැනට කොන්ෆියුසියස් චින්තනය ලෝකයට විශාල බලපෑම් එල්ල කර තිබෙනවා.

වසර 2570 කට පෙර කොන්ෆියුසියස් තුමා චීන ශාන් තුං පළාතේ චියු ෆු නගරයේ පිහිටි නිශැන් කන්දේ ඉපදුනා.කොන්ෆියුසියස් සංස්කෘතිය මේ ස්ථානයෙන් ආරම්භ වී ලෝක ජනතාවගේ පොදු සංස්කෘතික උරුමක් ලෙස වර්ධනය වෙමින් පවතිනවා.

පසුගිය 25 වැනිදා ලෝක කොන්ෆියුසියස්වාද මධ්‍යස්ථානය නිශැන්හිදීස්ථාපිත කෙරුණා.චීන අධ්‍යාපන අමාත්‍යංශය,ශාන් තුං පළාත හා අදාළ අධ්‍යාපන පර්යේෂණ ආයතන විසින් එම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙනවා.එම මධ්‍යස්ථානයේ ආරම්භ වීම ලෝක කොන්ෆියුසියස්වාද පර්යේෂණ වේදිකාව ස්ථාපිත කිරීමේ සංකේතයක් බව හඳුන්වා දෙන්‍න පුළුවන්.

ඉදිරියේදී එම මධ්‍යස්ථානය දෙස් විදෙස් විවිධ ස්ථානවල ශාඛා ආයතන ස්ථාපිත කරනු ඇති බව වාර්තා වෙනවා. එමගින් කොන්ෆියුසියස්වාදය සම්බන්ධ වැදගත් පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙමින් අදාළ ආයතන ශාස්ත්‍රීය පර්යේෂකයන් පිරිසට පුහුණුව ලබා දී විවිධ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් සංවිධානය කිරීමට අපේක්ෂා කෙරෙනවා.

වත්මන් ලෝකය මුහුණ දී ඇතිපොදු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා කොන්ෆියුසියස් සංස්කෘතියේ වර්තමාන කාර්යභාරය ප්‍රචාරය කළ යුතු බව එම මධ්‍යස්ථානය ආරම්භක උත්සවයට සහභාගි වූවිශේෂඥයන් පැවසුවා.

පොදු ඉරණමක් සහිත මානව ඒකකය ‍ගොඩනැගීම සඳහාකොන්ෆියුසියස්වාදී විශේෂඥයන්ගේ දායකත්වය අවශ්‍යවන බව ඔවුන් සඳහන් කළා. ඉදිරියේදී එම මධ්‍යස්ථානය ලෝක කොන්ෆියුසියස්වාදී පර්යේෂණ සහිත වැදගත් ආයතනයක් හා ශාස්ත්‍රීය හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ලෝක කොන්ෆියුසියස්වාද පර්යේෂණ වේදිකාව ස්ථාපිත කෙරේ

Sun Jiajia/Shi Yue

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන