විරුවන්ට ගෞරව කරන ලෙසත්, වීරයන්ගෙන් ඉගෙන ගෙන වීරයන් වීමට වෙර දරන ලෙසත් චීන ජනපති සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලයි
2024-09-30 11:02:26
Share with:

චීන ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම ප්‍රදානෝත්සවය ඊයේ(29) බෙයිජිංහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීන උත්තරීතර නායක ෂී ජින්පිං මහතා ජාතික පදක්කම් සහ ජාතික ගෞරව නාමලාභීන් වෙත පදක්කම් පිරිනැමූ අතර දේශනයක් සිදු කළේය.

ශ්‍රේෂ්ඨ යුගයන් වීරයන් බිහිකරන අතරම වීරයන් පාරම්පරිකව බිහිවීමෙන් රටට තිරසර සමෘද්ධිය පවත්වා ගෙන යා හැකි බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. ඔවුන්ට ගරු කරමින්, ඔවුන්ගෙන් ඉගෙන ගනිමින්, වීර ජීවගුණයෙන් ක්‍රියා කොට වීරයෙක් වීමට උත්සාහ කරන ලෙස ඔහු සමස්ත සමාජයටම ආරාධනා කළේය.

වර්තමානයේ චීනය, ‘චීන මාදිලියේ නවීකරණයෙන්’ බලවත් රටක් ලෙස සංවර්ධනය කර ගනිමින් ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කර ගැනීමේ වැදගත්ම කාල පරිච්ඡේදයක පසු වන බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. රටේ සමෘද්ධිය හා මහ ජනතාවගේ සුවපහසු ජීවිතය කෙරෙහි ආකල්පයෙන් රටේ ජයග්‍රහණ පුද්ගල ජයග්‍රහණ ලෙස සලකා, රටේ සංවර්ධනයට හා ජනතාවට ‍සේවය කිරීම තුළින් ස්වයං වටිනාකම් ඉටු කර ගන්නැයි ෂී ජින්පිං මහතා ජනතාව දිරිමත් කළේය.

සාමාන්‍ය සේවාවන්හි නියුක්තවන සේවක සේවිකාවන්, සිය ක්ෂේත්‍රයේ නිපුණතාවන් මනා ලෙස ග්‍රහණය කර ගෙන අසාමාන්‍ය ජයග්‍රහණ දිනා ගනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කරයි. එසේම රටේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ දුෂ්කරතා මඟහැරීමටත්, සමාජයීය සුසංගතභාවය පවත්වා ගෙන යාමටත් අඛණ්ඩව නව මෙහෙවර ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75වන සංවත්සරය සැමරීම සඳහා, නව චීනයේ සංවර්ධනය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් පුද්ගලයින්ට කීර්ති නාම පිරිනැමීමට චීන උත්තරීතර බලායතනය විසින් යෝජනාවක් සම්මත කෙරිණ. ඒ අනුව පුද්ගලයින් හතර දෙනෙකුට ‘සමූහාණ්ඩු පදක්කම්’, පුද්ගලයින් 10 දෙනෙකුට ‘ජාතික ගෞරව නාමය’, විදේශිකයෙකු සඳහා ‘මිත්‍රත්ව පදක්කම’ පිරිනැමීම සිදු කෙරිණ. 


ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම