චීනයේ Yunnan පළාතේ Xishuangbanna හිදී, ප්‍රාදේශීය පොලීසියේ සහ නිරීක්ෂකයින්ගේ ආරක්ෂාව යටතේ, ආසියානු අලි ඇතුන් 42ක් අවට සැරිසැරීමෙන් පසු යළි සුරෂිතව රක්ෂිතයට පැමිණෙති. වසර තුනකට පෙර සිදු වූ මීට සමාන සිදුවීමක් ද ඒ සමගින් සිහිපත් කෙරේ. එම වසරේ, ආසියානු අලි ඇතුන් 15ක් සමාන ප්‍රදේශයේ සිට උතුරු දෙසට ගමන් කළහ. මාස හතරකට පමණ පසු මිනිසුන්ගේ උපකාරය සහ මග පෙන්වීම යටතේ, එම අලි රංචුව යළි සිය වාසභූමි වෙත පැමිණියහ. අලි ඇතුන් නිරුපද්‍රිතව නැවත නිවෙස් බලා යන කතාව ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතර උණුසුම් අවධානයට පත්විය.
මෙය චීනයේ පාරිසරික ආරක්ෂාව පිළිබඳ වැදගත් සිද්ධියකි. නිරිතදිග චීනයේ පිහිටි Yunnan පළාත, ලෝකයේ පොහොසත්ම ජෛව විවිධත්වය ඇති කලාපයන්ගෙන් එකකි. උදාහරණයක් ලෙස, ආසියාවේ විශාලතම වනජීවී ජානකප්ලාස්ම පුස්තකාලය එහිදී පිහිටුවා ඇත. එසේම Yunnan පළාත බොහෝ රටවල සහ ජාත්‍යන්තර ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, ජානකප්ලාස්ම සම්පත් ගබඩා කිරීම සහ ලොව පුරා පර්යේෂණ සිදු කළේ ය.
චීනයේ, පාරිසරික ආරක්ෂාව ජනතාවගේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස තිබේ. මෑතකදී පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය, පාරිසරික ශිෂ්ටාචාර පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සඳහා විශේෂ විධිවිධාන සලසා තිබේ. ජෛව පරිසර පාලන පද්ධතිය සම්පූර්ණ කිරීම මෙන්ම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ කාර්ය හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳව, එම සැසියේදී අවධානය යොමුවිය.
ආර්ථික සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධීකරණය කිරීමට චීනය අවධානය යොමු කරන බවත්, මෙය වෙනත් රටවලට ආදර්ශයක් බවත්, ජාත්‍යන්තර විශ්ලේෂකයෝ විශ්වාස කරති.
මිනිසා සහ සොබාහදම සුසංගතවූ නවීකරණ ඉලක්කය ඉටු කිරීම චීනයේ අරමුණයි. අනාගතයේදී චීනය ගෝලීය පාරිසරික පාලනය සඳහා වඩාත් වැඩි චීන විසඳුම් ගෙන එනු ඇත.