තවත් 100ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යති
2024-08-08 15:05:25
Share with:

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙක් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව ගොස් තිබේ.

තරුණියන් 08 දෙනෙක් ද මෙම පිරිසට අයත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව මෙම වර්ෂයේ අගෝස්තු මස වන විට 3,694 ක පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු  මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා මෙම රැකියා අවස්ථා හිමි විය.

ඒ අනුව 2004 වසරේ සිට අඛණ්ඩව මේ දක්වා ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙවර පිටත් වූයේ 873 වන කණ්ඩායමයි.

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම