Kean විශ්ව විද්‍යාල සභාපති Lamont Repollet මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි.
චීන-ඇමරිකා සබඳතාව දෙරටේ ජනතාවගේ ප්‍රතිලාභවලටත් මානව වර්ගයාගේ ඉරණමටත් වැදගත් බව ෂී ජින් පිං මහතා එම ලිපියෙන් සඳහන් කරයි. අධ්‍යාපන හුවමාරුව හා සහයෝගිතාව දෙරටේ ජනතාව අතර, විශේෂයෙන් තරුණයන් අතර සම්බන්ධතා සමීප කරවන අතර, එය ද්වීපාර්ශ්වික සබඳතාව සංවර්ධනය කිරීමේ ඉදිරි ව්‍යාපෘතියක් බව ද ඔහු කියා සිටී. දෙරටේ විශ්ව විද්‍යාල විවිධ ආකාරවල සහයෝගිතා ශක්තිමත් කිරීමෙන් රටවල් දෙක පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහිත තරුණ දූතයන් බිහි කර දෙරට අතර වඩාත් වැඩි මානව මිත්‍රත්ව පාලම් ගොඩනැගීමට හැකිවෙතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කරයි.
2006 වසරේ මැයි මස, එකල Zhejiang පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම්වරයා වූ ෂී ජින් පිං මහතාගේ සැලකිල්ල යටතේ, Zhejiang පළාතේ Wenzhou විශ්ව විද්‍යාලය සහ Kean විශ්ව විද්‍යාලය ඒකාබද්ධව Wenzhou-Kean විශ්ව විද්‍යාලය ස්ථාපිත කිරීමට පියවර ගැනිණ. Wenzhou-Kean විශ්ව විද්‍යාලයේ තත්ත්වය සහ ලබා ගත් ජයග්‍රහණ Lamont Repollet මහතා මෑතකදී ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කරමින් විස්තර කළේය. ෂී ජින් පිං මහතාගේ උපදෙස්වලට අනුව, වඩා වැඩි ඇමරිකානු තරුණයන් චීනයේ අධ්‍යාපනය ලබා ගැනීම සහ දෙරටේ තරුණ හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට දායක වනු ඇතැයි ඔහු සිය ලිපියෙන් අපේක්ෂා පළ කළේය.