එකම චීනය මූලධර්මය උල්ලංඝනය නොකරන ලෙස චීනය ඉන්දියාවෙන් ඉල්ලයි
2024-06-06 18:15:27
Share with:

ඉන්දියාව එකම චීනය මූලධර්මය උල්ලංඝනය නොකළ යුතු බව චීනය පවසයි.

චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවාය.

චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර ඇති රටවල් තායිවාන ප්‍රදේශයේ බලධාරීන් සමඟ කවරාකාරයේ නිල හුවමාරුවකට චීනය ස්ථීර ලෙස විරුද්ධ වන බව ඇය අවධාරණය කළාය. ලෝක‍යේ ඇත්තේ එකම චීනයක් වන අතර, තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. එකම චීනය මූලධර්මය ‍පොදුවේ පිළි ගන්නා ජාත්‍යන්තර සම්බන්ධතාවල මූලධර්මයක් හා ජාත්‍යන්තර ප්‍රජාව අතර පොදු එකඟතාවකි. ඒ පිළිබඳව ඉන්දියාව වැදගත් දේශපාලන පොරොන්දුවක් සිදු කර ඇති බව ඇය පෙන්වා දුන්නාය. එකම චීනය මූලධර්මය උල්ලංඝනය නොකිරීමේ ස්ථාවරය චීනය ඉන්දියාව වෙත පැහැදිලි කර ඇති බව Mao Ning මහත්මිය කියා සිටියාය. 

ගුවන් විදුලිය
20240723අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම