2040 වන විට ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරාගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිවරයා පවසයි
2024-06-06 16:04:40
Share with:

ආර්ථික ඉලක්ක සපුරාගන්නා අතරතුර 2040 වන විට ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරාගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජගත් පරිසර දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඵලදායි භූමි පරිහරණයක් සුවදායි දෙරණක් යන තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේදී  පැවැත්විණ.

ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය එළිදැක්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පාසල් පරිසර නියමුවන් 08 දෙනෙකුට සංකේතාත්මකව පදක්කම් පැළඳවීම ද ජනාධිපතිවරයා අතින් එහිදී සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම