සර්බියාවේ වානේ කම්කරුවන්ගේ ලිපියකට චීන ජනපතිගෙන් පිළිතුරු
2024-05-01 14:57:21
Share with:

සර්බියාවේ HBIS Smederevo වානේ කම්හලේ කම්කරුවන්ගේ ලිපියකට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කර ඇත. චීන-සර්බියා මිතුදම වෙනුවෙන් අඛණ්ඩව නව දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා ඊයේ(30) දින යොමු කළ එම ලිපියෙන් ඔවුන් දිරිමත් කරමින් සඳහන් කර තිබේ.

2016 වසරේ ෂී ජින් පිං මහතා සර්බියාවේ සිදු කළ නිල සංචාරයේ දී Smederevo වානේ කම්හලේ කම්කරුවන් හමු වූ අතර, චීන-සර්බියා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව වෙනුවෙන් ඔවුන් ලබා දෙන සහයෝගය සහ එම බලාගාරයේ දීප්තිමත් අනාගතය පිළිබඳ ඇති ඉහළ අපේක්ෂාවන් ගැඹුරින් අවබෝධ කර ගත්තේය.

Smederevo නගරයේ සංවර්ධනයට දැවැන්ත පිටුබලයක් ලබා දෙමින්, දෙපාර්ශ්වයේ කළමනාකාරීත්වය සහ කම්කරුවන්ගේ පොදු උත්සහයෙන් වානේ කම්හල නව මුහුණුවරකින් ක්‍රියාත්මක වන බව කම්කරුවන් සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබුණි.

පාඩු ලබමින් තිබූ මෙම වානේ කම්හල චීන අරමුදල් සහිත ව්‍යවසායක ආයෝජනයෙන් පසුව කෙටි කාලයකින් ලාභ ලබන තත්ත්වයට පත්ව ඇත. එමෙන්ම 5,000කට වැඩි සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින්, දහස් ගණනක් පවුල්වලට ප්‍රීතිමත් ජීවිතයක් උදා කර දීමට එය මහෝපකාරී වී ඇත.

චීනය සහ සර්බියාව අතර නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, වානේ කම්හලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන කම්කරුවන්ගේ කැපවීම සහ ශ්‍රමය නොමැතිව වානේ කම්හලේ දියුණුව සාක්ෂාත් කර ගත නොහැකි බව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත. එමෙන්ම තමාගේ ගෞරවය ද කම්කරුවන් වෙනුවෙන් පිරිනමන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240722සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම