එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට නව නිත්‍ය නොවන සාමාජික රටවල් 5ක්
2023-06-07 16:41:46
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සඳහා නව නිත්‍ය නොවන සාමාජික රටවල් 5ක් එක්වෙයි. ඒ, ඇල්ජීරියාව, දකුණු කොරියාව, සියරා ලියොන්, ස්ලෝවේනියාව සහ ගයනාව යන රටවල් ය.

New York නුවර, ජගත් සංවිධාන මූලස්ථානයේ පැවති ඡන්ද විමසීමකින් එම රටවල් 5 තෝරා ගනු ලැබීය. ජගත් මහා මණ්ඩලයට අයත් සාමාජික රටවලින් තුනෙන් දෙකකට අධික ඡන්ද හිමිවීම නිසා මෙම රටවල් 5 ට නිත්‍ය නොවන සාමාජිකත්වය හිමිව තිබේ. ඒ අදාළ ඡන්ද රෙගුලාසි අනුව යි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සාමාජික රටවල් 15කින් සමන්විතය.  ඒ අතරින් චීනය, ඇමරිකාව, රුසියාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය යන රටවල් 5 එහි නිත්‍ය සාමාජිකත්වය දරයි. නිත්‍ය නොවන සාමාජික රටවල් සඳහා කලාපීය වශයෙන් ආසන 10ක් වෙන් කෙරේ. එම රටවලට සාමාජිකත්වය හිමි කාලය වසර 2කි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම