කොරියානු අර්ධද්වීප ගැටළුවේ දී සියලු පාර්ශ්වයන්ට සාධාරණ විසඳුමක් යෝජනා කරන බව චීනය කියයි
2023-06-06 17:30:31
Share with:

කොරියානු අර්ධද්වීපයේ ගැටළුව සම්බන්ධයෙන්, සියලු පාර්ශ්වයන්ගේ නීත්‍යනුකූල අර්බුදයන්ට සමතුලිත විසඳුමක් යෝජනා කරන අතර, එක් පාර්ශ්වයක ප්‍රශ්න කෙරෙහි පමණක් අවධානය යොමු නොකරන බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

චීනය උතුරු කොරියාවේ නීත්‍යනුකූල ආරක්‍ෂාව පිළිබඳව පමණක් නොව, දකුණු කොරියාවේ නීත්‍යනුකූල ආරක්‍ෂාව පිළිබඳවද සලකා බැලිය යුතු බව, චීනයේ දකුණු කොරියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කළ බවට වාර්තා විය.

මීට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් Wang Wenbin මහතා අවධාරණය කළේ, කොරියානු අර්ධද්වීප ගැටළුව සම්බන්ධයෙන් චීනය සෑමවිටම දේශපාලන විසඳුමක් සඳහා සක්‍රිය ප්‍රවර්ධකයෙකු ලෙස ක්‍රියා කරමින්, වැදගත් හා ඵලදායී දායකත්වයක් ලබාදුන් බවයි. චීනය සිය ස්ථාවරයට අනුකූලව නිසි කාර්යභාරය අඛණ්ඩව ඉටු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම