ජාත්‍යන්තර පරමාණුක බලායතන රැස්වීමේ දී චීනයේ ස්ථාවරය විග්‍රහ කෙරේ
2023-06-06 19:00:18
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලායතනයේ ජූනි මස කවුන්සල රැස්වීමේ දී චීනය අදාළ ක්ෂේත්‍රය පිළිබඳ තම ස්ථාවරය විග්‍රහ කරයි.

චීන ජාතික පරමාණුක බලායතන අධ්‍යක්ෂවරයෙකු මෙන් ම ජාත්‍යන්තර පරමාණුක බලායතන කවුන්සලයේ සිටින චීන නියෝජිත Zhang Kejian මහතා විසින් එම විග්‍රහය ඉදිරිපත් කරනු ලැබීය. රැස්වීම ඔස්ට්‍රියාවේ වියානා හි දී ඊයේ (05) පැවැත්විණ.

චීන රජය න්‍යෂ්ටික බලශක්තිය සංවර්ධනය කරන්නේ සුරක්ෂිත හා ක්‍රමානුකූල අයුරින් බව Zhang Kejian මහතා  පෙන්වා දෙයි. පරිසර හිතකාමී සංවර්ධනය සාක්ෂාත් කර ගනිමින් නවීන බලශක්ති පද්ධතිය ගොඩනැංවීමේ වැදගත් තේරීමක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සැලකෙන බව ද හෙතෙම කියා සිටී.

ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුම ජාත්‍යන්තර පරමාණුක බලායතනය හා එහි සාමාජික රටවල් සමග එක්ව අනුගමනය කිරීමට චීනය සූදානමින් සිටී. එමෙන් ම, ජාත්‍යන්තර න්‍යෂ්ටික නිර්ව්‍යාප්ත කිරීමේ පද්ධතිය ආරක්ෂා කිරීමටත් ගෝලීය න්‍යෂ්ටික බලශක්ති ආරක්ෂාව හා සංවර්ධනය තහවුරු කිරීමටත් සක්‍රිය දායකත්වයක් ලබා දීමට චීනය සූදානම් බව ද Zhang Kejian මහතා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම