2023 “ආසියන් සංගම් හවුල්කරුවන් ” මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ Guangxi හි දී
2023-06-06 19:48:19
Share with:

2023 “ආසියන් සංගම් හවුල්කරුවන් ” නමැති මාධ්‍ය සහයෝගිතා සංසදය චීනයේ Guangxi ප්‍රදේශයේ දී පැවැත්වේ.

එම සංසදය චීන මාධ්‍ය සමූහය සහ Guangxi Zhuang ස්වායත්ත රජය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබීය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම සංසදය අමතමින් පැවසුවේ, චීනය සහ ආසියාන් සංගමය අතර සහයෝගිතා ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඉහළ පැසසුමට ලක් ව ඇති බවයි. එසේම, චීන මාධ්‍ය සමූහය සහ ආසියාන් සංගම් රටවල මාධ්‍ය අතර හුවමාරු මේ වසර කිහිපය තුළ අඛණ්ඩව සමීප වී කැපීපෙනෙන ප්‍රතිඵල ලබා ඇති බව ද හෙතෙම පැවසීය.

චීන මාධ්‍ය සමූහය ලාඕසය, කාම්බෝජය, තායිලන්තය, මියන්මාරය, ඉන්දුනීසියාව සහ මැලේසියාව ඇතුළු රටවල් 6 ක ප්‍රධාන මාධ්‍ය සමඟ එක්ව රූපවාහිනී වැඩසටහන් 10 ක් සම-නිෂ්පාදනය කොට ගෝලීය ප්‍රේක්ෂකයන්ට සැබෑ විස්තීර්ණ චීනය සහ ආසියාන් සංගමය මැනැවින් පෙන්වා දී ඇතැයි ද හෙතෙම  එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම