තම රටේ අවශ්‍යතාව නිවැරදිව ප්‍රත්‍යක්ෂ කළ නායකත්වය - ෂී ජින් පිං
2023-06-06 09:17:21
Share with:

තම රටේ අවශ්‍යතාව නිවැරදිව වටහා ගැනීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයේ ඇති සුවිශේෂ ලක්ෂණයක් බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යාපන වැඩසටහන් අධ්‍යක්ෂිකා එරීන් විජේකෝන් මහත්මිය කියාසිටී. චීනය සංවර්ධන මාර්ගය ගවේෂණය කළ යුත්තේ චීන වටිනාකම් හා පෞරාණික උරුමයන් රැකගනිමින් බව චීන ජනාධිපතිවරයා සෑමවිටම පෙන්වාදෙයි. වසර පන්දහසකට වඩා පැරණි චීන ශිෂ්ටාචාරය, චීන ජාතිකයන් සතු සවිමත් පදනම හා ආත්මය බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරන කරුණකි.  චීනය තමන්ට අත්‍යන්තයෙන්ම ගැලපෙන නවීකරණ ක්‍රමවේදයක් නිර්මාණය කරගත්තේ මෙකී මගපෙන්වීම ඔස්සේ බව විජේකෝන් මහත්මිය පෙන්වාදෙයි.

ෂී ජින් පිං මහතා චීනයේ ක්‍රමික සංවර්ධනය මනාව වටහාගත් නායකයෙකි.  රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ඔහුගේ නිවැරදි තීරණ කෙරෙහි බලපා ඇත්තේ එම නායකත්ව පරිඥානය යි. තමන්ට නොගැලපෙන සංවර්ධන මාදිලීන් පසුපස ගොස් අසාර්ථක වන රටවලට චීන නායකයාගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයෙන් බොහෝ දේ උගත හැකිය.

චීන ජනාධිපතිවරයා තම රට ජයග්‍රහණය කරා මෙහෙයවන්නේ නිසි සැලසුම් අනුගමනය කරමිනි. ආර්ථික කළමනාකරණය එහිදී ප්‍රධාන වේ. එසේම තමා වටා සිටින පිරිස, එනම් තම අසල්වැසි රටවල යහපැවැත්ම කෙරෙහි ද ඔහු අවධානය යොමුකරයි. තම සංවර්ධන ජයග්‍රහණ විවිධ හුවමාරු ඔස්සේ බෙදාහදා ගැනීම චීන නායකයාගේ විශිෂ්ට ලක්ෂණයකි. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පර්යේෂණ සඳහා වෙනත් රටවලට ඇරයුම් කිරීම මීට එක් නිදසුනකි. මීට අමතරව විද්‍යා, තාක්ෂණ, කෘෂිකාර්මික, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක චීනය අත්පත් කරගත් ජයග්‍රහණ වෙනත් රටවල් හා හුවමාරු කරගත් අවස්ථා අපමණ ය.

ෂී ජින් පිං මහතා තම මාතෘභූමියේ තිරසර සංවර්ධනය සාක්ෂාත් වන ස්වර්ණමය යුගයක් කරා රැගෙන යමින් සිටින බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යාපන වැඩසටහන් අධ්‍යක්ෂිකා එරීන් විජේකෝන් මහත්මිය කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම