සාමාන්‍ය පෙළ විභාගය 29වැනිදා ඇරඹේ
2023-05-28 16:55:00
Share with:

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වී ජූනි මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ "සිසු සැරිය" බස් රථ සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් හාරලක්ෂ 72,553දෙනෙකු පෙනීසිටීමට නියමිතව ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 10දෙනෙකු ද පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් අද (28) දිනයේ ක්‍රියාත්මක කරන බව කොළඹ මහ නගර සභාව පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම