76 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ඇරඹේ
2023-05-22 09:37:29
Share with:

76 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ජිනීවාහිදී ඇරඹේ. 21 වැනිදා ආරම්භ වූ මෙවර සමුළුව මැයි මස 30 වනදා දක්වා පැවැත්වේ.

‘ලෝක සෞඛ්‍ය සංවිධානය පිහිටුවීමේ 75 වැනි සංවත්සරය- ජීවිත සුරක්ෂිතතාවය සහ සැමගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම’ යන්න මෙවර එහි තේමාවයි. මෙම සමුළුව අතරතුර උපායමාර්ගික වට මේස සාකච්ඡා මාලාවක් ද පැවැත්වීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සමුළුවේ නියෝජිතයෝ, අදාළ හවුල්කාරී ආයතන, සිවිල් සමාජ නියෝජිතයෝ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ ගෝලීය වශයෙන් වැදගත් වන මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් වත්මන් හා ඉදිරි ප්‍රවණතාවයන් පිළිබඳව සාකච්ඡා පවත්වති.

ලෝක සෞඛ්‍ය සමුළුව වාර්ෂිකව සෑම මැයි මාසයකම ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වේ.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම