චීන මැකව් විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතියේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරයි
2023-05-19 07:48:00
Share with:

චීන මැකව් විශේෂ පරිපාලන කලාපයේ ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ සැසිවාරය ඊයේ(18) අංක 2/2009 නීතිය වන ජාතික ආරක්ෂක නීතියේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමේ ඡන්දය ප්‍රකාශ කළේය.

2009 වසර මුල් භාගයේදී, මැකව් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය නීති සම්පාදනය කරන ලද අතර, අංක 2/2009 නීතිය වන ජාතික ආරක්ෂක නීතිය පනවා ඇත. සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව, මැකව් විශේෂ පරිපාලන කලාපයේ ආණ්ඩුව ප්‍රකාශ කළේ ජාතික ආරක්ෂක නීතිය සංශෝධනය කිරීම මැකව් විශේෂ පරිපාලන කලාපය සඳහා අවශ්‍යම පියවරක් බවයි. සමස්ථ ආරක්ෂක අවදානම් සහ තර්ජන වලට ක්ෂණිකව සහ ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට සහ රටේ සහ මැකව් සමාජයේ ආරක්ෂාව සහ සංවර්ධනය වඩා හොඳින් සම්බන්ධීකරණය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා එකම රටක ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මෙය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මැකව් විශේෂ පරිපාලන කලාපයේ ආණ්ඩුව පවසා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම