චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර මිත්‍රශීලී හුවමාරුව නව පරිච්ඡේදයකට
2023-05-16 15:07:24
Share with:

ලබන 18වැනිදා හා 19වැනිදා චීන-මධ්‍යම ආසියා නායක සමුළුව චීනයේ Shaanxi පළාතේ Xi'an නගරයේ දී පැවැත්වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කසකස්තානය, උස්බෙකිස්තානය ඇතුළු මධ්‍යම ආසියානු රටවල් 5හේ නායකයෝ ඊට එක්වෙති. මෙම නායක සමුළුව මේ වසරේ චීනයේ පැවැත්වෙන පළමු ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකමකි.

ගෙවී ගිය දශකය තුළ, චීනය සහ මධ්‍යම ආසියාවේ රටවල් පහ අතර නිරන්තර ඉහළ මට්ටමේ හුවමාරු සිදු විය. ෂී ජින් පිං මහතා මධ්‍යම ආසියාවේ සංචාරය කර ඇති අතර, ඉන් 4 වතාවක් මධ්‍යම ආසියාවේ විශාල රටක් වන කසකස්තානයේ සංචාරය කර තිබේ.

චීනය සහ කසකස්තානය නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළේ 1992 දී ය. වසර 30 කට වැඩි කාලයක් තුළ, චීනය සහ කසකස්තානය දේශසීමා ප්‍රශ්නය විසඳීමට පෙරමුණ ගෙන තිබෙන අතර, අන්තර් දේශසීමා තෙල් හා ගෑස් නල මාර්ග ඉදි කිරීමේ දී පෙරමුණ ගෙන තිබේ. දෙරට අතර ජාත්‍යන්තර නිෂ්පාදන ධාරිතා සහයෝගීතාව ක්‍රියාවට නැංවීම සඳහා ඉදිරි පියවර ගෙන ඇති අතර, ස්ථීර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වයක් බිහි කිරීමට ක්‍රියා කර තිබේ. මෙම "පළමු" පියවර මාලාව චීනය සහ කසකස්තානය අතර මිත්‍රත්වයේ ප්‍රබල සාක්ෂීන් බවට පත්ව තිබේ. 2019 වසරේ, චීන-කසකස්තාන සබඳතා ස්ථිර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා  වර්ධනය විය.

2023 නව වසර එළඹීමත් සමඟ, තුර්ක්මෙනිස්තානයේ ජනාධිපතිවරයා  ධුරයට පත්වීමෙන් පසු  සිය පළමු චීනයේ සංචාරයේ නිරත විය. මෙමගින් නව වසරේ චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ අතර සබඳතා වර්ධනය තවත් පුළුල් විය. එහිදී චීන-තුර්ක්මෙනිස්තාන සබඳතා පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය දක්වා වැඩිදියුණු වී ඇතැයි දෙරටේ නායකයෝ ඒකාබද්ධව ප්‍රකාශ කළහ. "එක් තීරයක් එක් මාවතක්" සම්බන්ධ සහයෝගිතා ලේඛනවලට  අත්සන් තැබීම ද එහිදී සිදුවිය .

එළඹෙන චීන-මධ්‍යම ආසියානු නායක සමුළුවේදී, චීනය සහ මධ්‍යම ආසියානු රටවල් පහ නැවත වරක් ද්විපාර්ශ්වික සබඳතාවල ඉහළ මට්ටමේ වර්ධනය ලොවට පෙන්වනු ඇත. එවැනි සංවර්ධනයකට බලපා ඇත්තේ දෙපාර්ශ්වයම සාර්ථකත්වයන් ඵලාදායී ලෙස   ග්‍රහණය කරගෙන ඇති බැවිණි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම