ආසියාන් සංගමයේ 42 වැනි සමුළුව එකඟතා රැසක් සමග අවසන්
2023-05-12 09:29:23
Share with:

ආසියාන් සංගමයේ 42 වැනි සමුළුව ඊයේ (11) නැගෙනහිර ඉන්දුනීසියාවේ සංචාරක නගරයක් වන Labuan Bajo හි දී අවසන් විය. අවසන් මාධ්‍ය හමුවේදී, ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා ආසියාන් සංගමය තුළ එකමුතුකමේ වැදගත්කම අවධාරණය කළ අතර සහභාගී වන සාමාජික රටවල නායකයින් විසින් එළැඹි එකඟතා ගණනාවක් හඳුන්වා දුන්නේය.

කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය පවත්වා ගැනීම සඳහා ආසියාන් සංගමය තුළ එකමුතු බව ශක්තිමත් කිරීමේ වැදගත්කම සංගමයේ සාමාජික රටවල නායකයින් අවධාරණය කළ බව ජෝකෝ විඩෝඩෝ මහතා පැවසීය. ආසියාන් සංගමයේ සාමාජික රටවල නායකයින් බහුවිධ එකඟතාවයකට පැමිණ ප්‍රකාශ මාලාවක් නිකුත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය. ආසියාන් සංගමයේ ආර්ථික ඒකීයකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, කලාපීය ගෙවීම් සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා දේශසීමා හරහා සිදුවන ගනුදෙනු සඳහා දේශීය මුදල් භාවිත කිරීම සහ නව බලශක්ති මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීම යනාදිය එම එකඟතාවයන්ට ඇතුළත් වේ.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම