G7 කණ්ඩායම ජාත්‍යන්තර නීති උල්ලංඝණය හා විනාශ කිරීමේ ආදර්ශනයක් බව චීනය පවසයි
2023-05-11 17:19:42
Share with:

G7 කණ්ඩායම ජාත්‍යන්තර නීති උල්ලංඝණය හා විනාශ කිරීමේ ආදර්ශනයක් බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(11) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. 

ජපානයේ පැවැත්වීමට නියමිත G7 කණ්ඩායමේ නායක සමුළුව ජාත්‍යන්තර නීති අනුගමනය කරන ලෙස චීනයෙන් ඉල්ලීමක් කරනු ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නෑගු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් වං වෙන්බින් මහතා මේ බව ප්‍රකාශ කර ඇත. 

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම මත පදනම් වූ ජාත්‍යන්තර සබඳතාවල මූලික හරයන්, ඒ ඒ රටවල් අනුගමනය කළ යුතු ජාත්‍යන්තර නීති බව ලොව බහුතර රටවල් පිළිගෙන තිබේ. නමුත් G7 කණ්ඩායම සඳහන් කළ ඊනියා ජාත්‍යන්තර නීති, ඔවුන්ගේ මතවාදයන්ගෙන් සහ සාරධර්මවලින් නිම කරන ලද බටහිර නීති වේ.  එම නීති, ඇමරිකාව ප්‍රධානත්වයේ තබමින් G7 කණ්ඩායම සකස් කරන ලද කුඩා කණ්ඩායමක නීති පමණක් බව හෙතෙම සඳහන් කළේය. එවැනි නීති G7 වැනි සුළු ප්‍රමාණයක රටවල ලාභයන් වෙනුවෙන් පමණක් වන අතර, එය ජගත් ප්‍රජාවේ පොදු අවශ්‍යතාවලට කිසිසේත් අදාළ නොවන බව ද වං වෙන්බින් මහතා වැඩිදුරටත් පවසයි. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම