යුරෝපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳ චීනයේ අපේක්ෂාව
2023-05-05 10:27:38
Share with:

යුරෝපා ආරක්ෂිත සහ සහයෝගීතා සංවිධානය යුරෝපයේ සාමය පවත්වා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

ඊයේ (4) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෝ එම සංවිධානයේ කටයුතු පිළිබඳ වාර්තාවකට සවන් දුන්හ. යුරෝපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ යුරෝපයේ පොදු ආරක්ෂාව තිරසරව පවත්වා ගැනීම සඳහා, එම සංවිධානය ධනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන නියෝජිතයා එහිදී ප්‍රකාශ කළේය. යුක්‍රේන ප්‍රශ්නය කෙරෙහි චීනයේ ස්ථාවරය ද එහිදී නැවත අවධාරණය කෙරිණ.

රුසියා-යුක්‍රේන සාකච්ඡා නැවත ආරම්භ කිරීමට එම සංවිධානයේ අවධානය යොමු කරවීම චීනයේ අපේක්ෂාව බව ද එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Geng Shuang මහතා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම