බටහිර රටවල පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් දැකිය නොහැකියි- ආචාර්ය පසන් තිලකසිරි
2023-05-05 09:15:07
Share with:

කිසිම රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ඒ ඒ රටවල ස්වෛරීභාවයට හානි කිරීමට කිසිදු පාර්ශ්වයකට අයිතියක් නොමැත. නමුත් ඉතිහාසයේ සිටම ධනවාදී පාර්ශ්වයන් අන් රටවල්වලට සහයෝගය ලබා දෙන බව පෙන්වමින්, තමන්ගේ සැඟවුණු න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කළ බව Highflyer Global Innovations ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය පසන් තිලකසිරි මහතා පවසයි.

දියුණු වෙමින් පවතින රටවලට සහය ලබා දීමට ලෝකයේ විවිධ ජාත්‍යන්තර සංවිධාන පිහිටුවා ඇත. එවැනි ආයතන හරහා සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒකපාර්ශ්වික ලෙස කටයුතු කිරීමට ඇතැම් පාර්ශ්වයන් විවිධ උත්සහයන් ගනිමින් සිටී. එහෙයින් ජාත්‍යන්තර ගනුදෙනුවලදී ඇතැම් ධනවාදී රටවල්වල හැසීරීම පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුය.

ශ්‍රී ලංකාව ද බටහිර යටත් විජිත පාලනය යටතේ පැවති රටකි. එහෙයින් බටහිර රටවල හැසිරීම් කිසිදු විනිශ්චයකින් තොරව නිවැරදි යැයි සිතීමට පෙළඹී ඇත. දීර්ඝ කාලයක් බටහිර පාලනයට යටත්ව සිටි නිසා එවැනි නිගමනයකට එළඹුනද එය කිසිසේත්ම නිවැරදි නොවේ. එහෙයින් වඩාත් සුපරික්ෂාකාරීව බටහිර රටවල හැසිරීම් දෙස බැලිය යුතුය.  ප්‍රජාතන්ත්‍රවාදය යනු ඒ ඒ රටවලට අනන්‍ය වූ ක්‍රමයක් බව ලොවම පිළිගෙන ඇත. එහෙයින් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් කිසිවිටක බටහිර රටවල දැකිය නොහැකි බව ද ආචාර්ය පසන් තිලකසිරි මහතා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම