133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය අද (5) අවසන්
2023-05-05 09:32:46
Share with:

133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය අද (5) නිමාවට පත්වෙයි. ඊයේ වනවිට, ප්‍රදර්ශනයට එක් වූ නරඹන්නන් සංඛ්‍යාව මිලියන 2.837කි. මෙවර කැන්ටන් ප්‍රදර්ශනයේ භූමි ප්‍රමාණය හා සහභාගි වූ ව්‍යවසායන් සංඛ්‍යාව වාර්තාගත මට්ටමක පැවතිණ.එසේම, ව්‍යවසායන් විශාල පිරිසක් පැමිණීම තුළින් කැන්ටන් ප්‍රදර්ශනයේ සුවිශේෂ ආකර්ෂණය හා සාර්ථකත්වය පිළිබිඹු වේ.  

මෙවර ප්‍රදර්ශනයේ දී ආනයනකරුවන්ගේ පරිමාණය තවදුරටත් පුළුල් කර තිබීම විශේෂත්වයකි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල් හා ප්‍රදේශ නියෝජනය කරන ව්‍යවසායන් සංඛ්‍යාව 370 ක් වූ අතර, එම සංඛ්‍යාව සමස්ත ප්‍රමාණයෙන් සියයට 73 ක් අත්පත් කර ඇත. 

මෑත වසර කිහිපය තුළ කැන්ටන් ප්‍රදර්ශනය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල් සහ චීනය අතර වෙළඳ ගනුදෙනුවල වැදගත් වේදිකාවක් බවට පත්ව තිබේ.  එම වෙළඳ ගනුදෙනු හා ආයෝජනයන් හි තිරසර ව්‍යාප්තිය කැන්ටන් ප්‍රදර්ශනයෙන් මනාව පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම