චීන-රුසියා වි‍දේශ අමාත්‍යවරුන්ගේ හමුවක්
2023-05-05 14:16:26
Share with:

චීන වි‍දේශ අමාත්‍ය චිං ගාං මහතා, රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා හමු වෙයි. එම හමුව ඊයේ(4) ඉන්දියාවේ Goa ප්‍රාන්තයේ ‘ෂැන්හයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම’ අතරතුර සිදු විය. දෙරටේ නායකයින්ගේ වැදගත් පොදු එකඟතාවයන් ක්‍රියාවට නංවමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට චීනය රුසියාව සමග එක්ව කටයුතු කිරීමට කැමති බව එහිදී චින් ගාං මහතා පැවසීය. චීනය සමග එක්ව දෙර‍ටේ සම්බන්ධතාවය වඩාත් ඉහළ තලයකට නංවාලීමට රුසියාව අපේක්ෂා කරන බව Sergei Lavrov මහතා සඳහන් කර ඇත.

යුක්‍රේන අර්බුදය පිළිබඳව ද විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ. අදාළ පාර්ශ්වයන් අතර සාම සාකච්ඡා පැවැත්වීමට පෙළඹවීමටත්, දේශපාලනික වශයෙන් ගැටළු විසඳා ගැනීමට දායක වීමටත් චීනය සූදානම් බව චින් ගාං මහතා ප්‍රකාශ කළේය. චීනයේ ස්ථාවරය රුසියාවේ පැසසුමට ලක් වන බව ද රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම