ශ්‍රී ලංකාව සවිමත් කරන්න චයිනා මර්චන්ට් සමූහයෙන් ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජන
2023-05-05 18:52:44
Share with:

වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශක්තියක් වෙමින් අමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩි ආයෝජන ශ්‍රී ලංකාවේ සිදු කිරීමට චයිනා මර්චන්ට් සමූහය (CMG) පියවර ගෙන තිබේ.

සිය නවතම ආයෝජන සැලසුම් තුළින්, මේ දක්වා ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවන බවට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින චයිනා මර්චන්ට් සමූහයේ (CMG) සභාපති මියාඕ ජියැන්මින් මහතා ප්‍රකාශ කළේය. එය දිවයිනේ මෙතෙක් සිදු කරන ලද විශාලතම විදේශ ආයෝජන ව්‍යවසාය බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය කියා සිටී.

ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනයක් සහිතව කොළඹ නවීන සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම වෙනුවෙන් CMG සමූහය ශ්‍රී ලංකා රජය සමඟ ඇතිකර ගත් ගිවිසුමකට සභාපතිවරයා අත්සන් තැබීය. වරාය සහ කර්මාන්ත උද්‍යාන කළමනාකරණය පිළිබඳ පොහොසත් අත්දැකීම් සහ උසස් තාක්ෂාණය චයිනා මර්චන්ට් සමූහය මෙරටට ගෙන එනු ඇත. හම්බන්තොට වරාය, දිවයිනේ මෙන්ම ඉන්දීය සාගර කලාපයේ වැදගත් සැපයුම් මධ්‍යස්ථානයක් සහ කර්මාන්ත කලාපයක් බවට පත්කිරීමට අදාළ සියලු සැලසුම් CMG සමූහය විසින් සකස් කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම