උසස් පෙළ ඇගැයීමට ඉල්ලුම් කිරීම මැයි 04 දක්වා දීර්ඝ කෙරේ
2023-05-03 18:59:32
Share with:

උසස් පෙළ විභාගයේ ඇගයීම් සඳහා ගුරුවරුන්ගෙන් මාර්ග ගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම මැයි 04 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව විභාග කොමසාරිස්වරයා නිවේදනය කර ඇත.

විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී තිබේ. තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය මෙලෙස දීර්ඝ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය ඇතුළු විෂයන් 11කට අදාළව මෙලෙස අයදුම්පත් කැඳවනු ඇත.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සදහා විශ්‍රාමික ගුරුවරුන්ට ද අයදුම් කළ හැකි අතර 2022 වසරේ දෙසැම්බර් 31 වන දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් මෙලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ. උසස් පෙළ විෂයන් දෙකකට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් මේ වන විටත් ආරම්භ කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම