කෘෂිකර්ම, ගම්මාන සහ ගොවි කටයුතු පිළිබඳ ෂී ජින් පිං ගේ වැදගත් දේශන අධ්‍යයන ග්‍රන්ථය චීනය පුරා බෙදා හැරේ
2023-04-17 14:44:00
Share with:

කෘෂිකර්ම, ගම්මාන සහ ගොවි කටයුතු පිළිබඳ ෂී ජින් පිං ගේ වැදගත් දේශන අධ්‍යයන ග්‍රන්ථය චීනය පුරා බෙදා හැරීම සිදු කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ග්‍රාමීය කටයුතු පිළිබඳ නායකත්ව කණ්ඩායමේ කාර්යාලය විසින් සම්පාදනය කරන ලද එම ග්‍රන්ථය මෑතකදී මහජන ප්‍රකාශන ආයතනය සහ චීන කෘෂිකර්ම ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයේ සිට, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, කෘෂිකර්ම, ගම්මාන සහ ගොවි කටයුතු යනාදිය සමස්ත පක්ෂයේ ප්‍රමුඛ කාරණා ලෙස අවධාරණය කර ඇත. එම ග්‍රන්ථයෙන් කෘෂිකර්ම, ගම්මාන සහ ගොවි කටයුතුවල ඓතිහාසික තත්ත්වය සහ උපාය මාර්ගික ස්ථානගත කිරීම, සංවර්ධන ඉලක්ක සහ ප්‍රධාන කාර්යයන්, ආයතනික රාමුව සහ ප්‍රතිපත්ති පද්ධතිය යනාදී අංගයන් හරහා, කෘෂිකර්ම, ගම්මාන සහ ගොවි කටයුතු පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් දේශනවල මූලික සාරය, ආත්මික සාරය, පොහොසත් අර්ථය සහ ප්‍රායෝගික අවශ්‍යතා පැහැදිලි කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම