චීන ලාඕස දුම්රිය මාර්ගය අඛණ්ඩව සංවර්ධනය කෙරේ
2023-04-16 16:06:04
Share with:

චීන ලාඕස දුම්රිය මාර්ගයේ ජාත්‍යන්තර මගී දුම්රිය පසුගිය 13 වනදා ධාවනය ආරම්භ විය. එදින චීන ලාඕස දුම්රිය මාර්ගයේ ලාඕස කොටසේ දිනකට ගමන් කරන මගීන්ගේ ප්‍රමාණය පුද්ගලයන් දස දහසක් ඉක්මවා ගිය අතර භාණ්ඩ ප්‍රවාහන ප්‍රමාණය ටොන් දස දහස ඉක්මවා ගොස් ඇත.

මේ වසරේ මගී ප්‍රමාණයට අනුව ලාඕස චීන දුම්රිය සමාගම මගී දුම්රිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම තවදුරටත් ප්‍රශස්ත කරයි. එ‍මෙන්ම චීන ලාඕස දුම්රිය මාර්ගයේ ප්‍රවාහන කරන භාණ්ඩ වර්ග 100ක සිට වර්ග 2000ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. ලාඕසය, තායිලන්තය, වියට්නාමය, මියන්මාරය, මලයාසියාව, කාම්බෝජය හා සිංගප්පූරුව ඇතුළු රටවල් වෙත එම භාණ්ඩ ප්‍රවාහනයෙන් ආවරණය කෙරේ.‍

කිලෝමීටර් 1035ක දුර ප්‍රමාණයක් සහිත චීන ලාඕස දුම්රිය මාර්ගය, චීනයේ Kunming නගරයේ සිට ලාඕසයේ Vientiane නගරය දක්වා සම්බන්ධ වේ. පසුගිය 2021 වසරේ දෙසැම්බර් මස 3 වනදා එය විවෘත කර ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම