චීන-බ්‍රසීල විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරේ
2023-04-15 17:24:59
Share with:

චීන-බ්‍රසීල විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය ඊයේ(14) නිකුත් විය.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ බ්‍රසීලයේ ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(14) මෙම ඒකාබද්ධ ප්‍රකාශය පළකරමින් පෙන්වා දුන්නේ, මෙම සංචාරය සම්පුර්ණයෙන්ම සාර්ථක වූ අතර එය ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ විශාල වැදගත්කමක් දරන බවයි.

මෙම සංචාරය තුළ, චීන-බ්‍රසීල සබඳතා පිළිබඳ, දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳ මෙන්ම, පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු පිළිබඳව, දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගෙන ඇති අතර, පුළුල් එකඟතාවයන්ට එළඹී තිබේ. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට හවුල්කාරිත්වය වර්ධනය කිරීමේ ජයග්‍රහණ, දෙපාර්ශ්වය සමාලෝචනය කර ධනාත්මකව ඇගයීමට ලක් කළහ. මෙම වසරේ චීන-බ්‍රසීල උපාය මාර්ගික හවුල්කාරිත්වයේ 30 වැනි සංවත්සරය හා 2024 දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන්, දෙපාර්ශ්වයම දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කරමින්, චීන-බ්‍රසීල විස්තීරණ උපාය මාර්ගික හවුල්කාරිත්වය ඒකාබද්ධව ගැඹුරු කළ යුතු බව, දෙරටේ නායකයන් ප්‍රකාශ කළහ.

මෙම සංචාරය තුළ, දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුම් මාලාවකට අත්සන් තැබීය. දරිද්‍රතාවය අවම කිරීම, ආහාර සුරක්ෂිතතාව ප්‍රවර්ධනය, විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදන, අභ්‍යවකාශ, ආයෝජන, මාධ්‍ය යනාදී සහයෝගිතා ක්ෂේත්‍ර ඒ අතර වේ.

 

 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම