අනාගත සංවර්ධනයේ මුලපිරීම සාක්ෂාත් කර ගැනීම සඳහා වන චීන ජනාධිපතිවරයාගේ විශේෂ ලිපියක් පළ කෙරේ
2023-04-15 16:29:14
Share with:

“නව සංවර්ධන ආකෘතිය ගොඩනැගීම කඩිනම් කරමින් අනාගත සංවර්ධනයේ මුලපිරීම සාක්ෂාත් කර ගැනීම”යන තේමාවෙන් යුතු චීන ජනාධිපති ෂී ජීන් පිං මහතාගේ වැදගත් ලිපියක් පළ කිරීමට නියමිතයි.

එම ලිපිය හෙට(16) නිකුත් කිරීමට නියමිත ‘Qiushi’ සඟරාවේ 8 වැනි කලාපයේ පළ කෙරෙනු ඇත. නව සංවර්ධන ආකෘතිය ගොඩනැගීම කඩිනම් කිරීම, අනාගත සංවර්ධනයේ මුලපිරීම අත්පත් කර ගැනීමේ උපාය මාර්ගික පියවර බවට පත් වන බව එම ලිපියෙන් අවධාරණය කරයි. එමගින් චීනයේ ශක්‍යතාව, තරඟකාරිත්වය, සංවර්ධනය සහ තිරසාර බව වැඩි දියුණු කළ හැකි වනු ඇත. නව සංවර්ධන ආකෘතියට බාධා වන ප්‍රධාන ගැටළු හා ප්‍රශ්න විසඳමින් ප්‍රතිසංස්කරණය පූර්ණව ගැඹුරු කිරීම, විද්‍යා හා තාක්ෂණ අංශයේ වර්ධනය කඩිනම් කිරීම, නවීකරණ වූ කර්මාන්ත පද්ධතියක් ගොඩනැගීම, නගර-ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රදේශ අතර සංවර්ධනය සම්බන්ධීකරණ කර එය ප්‍රවර්ධනය කිරීම සිදු කළ යුතු බව එහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම