චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ලාඕසයේ සිට පළමු ජාත්‍යන්තර මගී දුම්රිය පිටත් වේ
2023-04-13 16:17:16
Share with:

චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ලාඕසයේ පළමු ජාත්‍යන්තර මගී දුම්රිය ආරම්භ කෙරේ.

ලාඕස වේලාවෙන් අද(13) උදෑසන 08:08‍ට, එරට Vientiane නගරයෙන් පිටත්ව චීනයේ Kunming නගරය වෙත D888 දරණ පළමු ජාත්‍යන්තර මගී දුම්රිය පිටත් විය.

අද(13) සිට, චීන-ලාඕස දුම්රිය මාර්ගයේ Vientiane සහ Kunming දකුණ යන ස්ථාන වෙතින් ජාත්‍යන්තර මගී දුම්රිය ආරම්භ කෙරේ. Vientiane සිට Kunming දක්වා එදිනම දුම්රියෙන් ළඟා විය හැකිය.

D888 ජාත්‍යන්තර මගී දුම්රිය චීන ව්‍යවසායන් විසින් නිෂ්පාදනය කර ඇත. මෙම දුම්රිය තුළ, ලාඕස, චීන සහ ඉංග්‍රීසි ත්‍රෛභාෂා සේවා සපයනු ලබන අතර, දුම්රියේ පුද්ගලයින් 720 කට එකවර ගමන් කළ හැකිය.

චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ජාත්‍යන්තර මගී දුම්රිය විවෘත කිරීමෙන්, ලාඕසයේ සංචාරක හා සංස්කෘතික සංවර්ධනය සඳහා නව අවස්ථා උදා වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම