උස්බෙකිස්ථාන ජනාධිපතිවරයා චීන විදේශ අමාත්‍යවරයා හමුවෙයි
2023-04-13 10:54:43
Share with:

උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Mirziyoyev මහතා එරටේ  සංචාරයක නිරත වූ චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, විදේශ අමාත්‍ය Qin Gang මහතා ඊයේ (12) ටෂ්කන්ට් නගරයේදී හමුවිය.

“නව උස්බෙකිස්ථානය” සංවර්ධනයට චීනය ලබා දුන් අනුබලය අගය කරන බව Shavkat Mirziyoyev මහතා ප්‍රකාශ කළේය. එකම චීනය පිළිබඳ මූලධර්මය ස්ථිර ලෙස අනුගමනය කරන උස්බෙකිස්ථානය චීනය සමඟ එක්ව ත්‍රස්තවාදය, බෙදුම්වාදය හා අන්තවාදය යන  “බලවේගයන් තුන”ට එරෙහිව සටන් කරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනගන බවද හෙතෙම සඳහන් කළේය. චීන -උස්බෙකිස්ථාන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය කඩිනම් කරමින් ආර්ථික වෙළඳාම, නව බලශක්ති, යටිතල පහසුකම්, මානව හා අන්තර් ප්‍රදේශ යන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීමට උස්බෙකිස්ථානය අපේක්ෂා කරන බවද එරට ජනාධිපතිවරයා පවසා ඇත. 

දෙපාර්ශ්වයන් ආර්ථීක වෙළඳාමේ ආයෝජන හා සහයෝගීතා පිළිබඳ වසර 5ක සැලසුම නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා ප්‍රකාශ කළේය. දෙරටේ නායකයන් එකඟවූ ඇමරිකානු ඩොලර් බිලියන 10ක වටිනාකමින් යුතු වෙළඳ පරිමාවේ ඉලක්කය සම්පූර්ණ කිරීමට අඛණ්ඩව උත්සාහ දරුනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම