චීනයේ ශක්තිමත් ජාත්‍යන්තර සම්බන්ධතා තමන්ට තර්ජනයක් ලෙස සලකන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කරයි
2023-04-11 09:01:17
Share with:

චීනය ලොව බොහෝ රටවල සංවර්ධනය උදෙසා ලබාදෙන සහයෝගය අගය කරන අතර, බටහිර රටවල් විසින් චීනයට එල්ල කරන චෝදනා කිසිසේත් පිළිගත නොහැකි බව ජාත්‍යන්තර සන්නිවේදන විෂයය පිළිබඳ පර්යේෂක චින්තක පත්මේන්ද්‍ර මහතා පවසයි. ගෝලීය ව්‍යුහය තුළ චීනයේ ප්‍රතිරූපය පිළිබඳව ඔහු කළ පර්යේෂණ තුළින් ඒ බව මනාව ගම්‍ය වූ බව ද ඔහු කියාසිටී.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් චීනය පිළිබඳ සෘණාත්මක අදහස් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරමින් සිටී. ඇමරිකාවට හිතෛෂී ඇතැම් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ගේ විවිධ ප්‍රකාශ මගින් ද ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වේ. නමුත් මෙම සියලු අභියෝග හමුවේ චීනය සිය ජාත්‍යන්තර සබඳතා මිත්‍රශීලී ප්‍රවේශයක් තුළ පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාව‍ට ද සහයෝගය අවශ්‍ය සෑම මොහොතකම චීනය සිය උපරිම දායකත්වය ලබා දී ඇත. එමෙන්ම චීනය ශ්‍රී ලංකාව‍ වැනි ආසියානු රටවල් සමග ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගනිමින් සිටී. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එය තර්ජනයක් ලෙස සලකා, එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ දරන බව ද චින්තක පත්මේන්ද්‍ර මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම